විදේශ පුවත්

මියන්මාර් හමුදාව පසුගිය වසරේදී රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කළ ප්‍රචණ්ඩ ක්‍රියා මත මියන්මාර් නායිකා අවුන් සාන් සුකී ඇගේ ධුරයෙන් ඉල්ලා අස්විය යුතුව තිබිණැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ නායකයා ප්‍රකාශ කළේය.

මියන්මාර් හමුදාවේ එම ක්‍රියාව නොසලකා හැරීමට නොබෙල් සාම ත්‍යාගලාභී නායිකාව දරන උත්සාහය අතිශයෙන් කනගාටු දායක යැයි ශෙයිඩ් රාඩ් අල් හුසේන්, බි්‍රතාන්‍ය ගුවන් විදුලි සේවයට ප්‍රකාශ කළේය. ඔහු ඒ ප්‍රකාශය කළේ මියන්මාර් හමුදා නායකයන් සිදුකළ වාර්ගික ඝාතනය වෙනුවෙන් ඔවුනට නඩු පැවැරිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවෙහි ප්‍රකාශ වීමෙන් පසුවය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන මියන්මාර් රජය මානව හිමිකම් උල්ලංඝනය තමන් නොඉවසන බවද පැවැසීය. බෞද්ධයන් බහුතරයකින් යුත් මියන්මාර් හමුදාව මීට කලින්ද රොහින්ග්‍යා මුස්ලිම් ජනතාව ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබිණි. දීර්ඝ කාලයක් මියන්මාරයේ නායකත්වය හෙබවූ අවුන් සාන් සුකී එම හමුදා ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට පියවර නොගත්තේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවෙන් ඇයට ‍ෙදාස් පවරා ඇත. මියන්මාර් නායිකාව එදා එම හමුදා ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා යම් පියවරක් ගත හැකි තත්ත්වයක සිටියදීත් ඇය ඒවා නොසලකා හැරිය බව ශියාල් හුසේන් බි්‍රතාන්‍ය ගුවන් විදුලි සේවය සමඟ කළ සාකච්ඡාවකදී පැවැසීය.

රොහින්ග්‍යා ගැටුම්වලදී මුස්ලිම් ජනතාව පමණක් නොව මියන්මාර් බෞද්ධ ජනතාවද බොහෝ දෙනකු ඝාතනයට ලක් වූ බව ප්‍රකාශ කළ අවුන් සාන් සුකී තමන් කිසි විටෙකත් මානව හිමිකම් කඩ කිරීමට කටයුතු නොකළ බවද ප්‍රකාශ කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More