දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාව අතර ප්‍රතික්ෂේප වී ඇති බැවින් නව පක්ෂයක් ඇරඹීම සඳහා ජනතාවගෙන් අදහස් ලබාගැනිමට තමන් බලාපොරොත්තුවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
යාපනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
“අලුත් පක්ෂයක් ආරම්භ කිරීම සඳහා ඔබලාගේ අදහස් ලබාගැනීමට මම කැමැත්තෙන් පසුවනවා.
හැබැයි නව පක්ෂයක් ආරම්භ කිරීම පහසු කටයුත්තක් වුනත් එය පවත්වාගෙන යෑම පහසු නැහැ.
නව පක්ෂයක් ලියාපදිංචි කරන්න කාලයක් යනවා. එමෙන්ම මැතිවරණයකදි කුමන ලාංඡනයකින් තරඟකරනවාද යන ප්‍රශ්නයත් පැන නගිනවා.
2009 දී දෙමළ ජාතික සන්ධානය භාරගත් නායකත්වය සහ ඒ අයගේ ක්‍රියාකාරීත්වය උතුරේ ජනතාව අතර පරාජය වෙලා කියලා තමයි කියන්න තියෙන්නේ.
එමෙන්ම ජිනිවා සමබන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුද යන්න මගෙන් අහනවා.
ඒ ගැන උතුරු පළාත් සභාව තීරණයක් අරගෙන තිබෙනවා.
ඒ තමයි රජය මානව හිමිකම් කොමිසමේ යෝජනා හි 30/1 සහ 34/1 යන යෝජනාවන් තවම ක්‍රියාත්මක කිරිමට අපොහොසත් වී ඇති නිසා2019 මාර්තු මාසයට පෙර සම්පුර්ණයෙන් එම යෝජනා ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් කොමිසම ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කරන්න නැත්නම් මෙරට පිහිටුවන විශේෂ ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරන්න.නැත්නම් ලංකාව ආරක්ෂක මණ්ඩලයට ගෙන එන්න ඕන කියලා මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක් කරනවා.”
මේ අතර ව්‍යවස්ථාවෙන් බලය බෙදිම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.
“නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මම ගාල්ලේදී පැවැත්වු කථාවේදී අපිට ෆෙඩරල් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට මා කියු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි.
නව ව්‍යවස්ථාව ඇති කිරීමට අපගේ පිවිසුම මතභේදයට තුඩුදෙන වචන භාවිතයෙන් වැලකි සිටිමයි. අතුරු වාර්තාවේ බොහෝම පැහැදිලිව කියලා තිබෙනවා.
ෆෙඩරල් සහ ඒකීය යන වචන භාවිතයෙන් වැලකි සිටිය යුතු බවට.
ඒවා මතභේදයට තුඩුදෙන වචන නිසා ඒවා භාවිතා නොකර සිටිමට අප පියවර ගත්තා.
අපේ ස්ථාවරය තමයි බලය බෙදිය යුත්තේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් යටතේයි.
උතුරු නැගෙනහිර රාජ්‍යය බලය හරි විදිහට බෙදාහරින්න ඕන ජනතාවගෙන් තේරීපත්වන කෙනාගේ අතට එය ලබාදිය යුතුයි, ආණ්ඩුකාරවරයාට නොවෙයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...