නේපාලයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා බුදුන් වහන්සේ උපත ලද අසිරිමත් ලුම්බිණිය වැද පුදා ගැනීමට අද (01දා) පෙරවරුවේ එක් විය.
අද පෙරවරුවේ ලුම්බිණිය පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා එහි පළාත් ප්‍රධාන අමාත්‍ය සහ සංස්කෘතික අමාත්‍යවරයා විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා ආගමික වතාවත්වලට එක්වූ අතර ලුම්බිණිය වෙත පැමිණෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට පවා අවස්ථාවක් නොලැඛෙන, සිදුහත් කුමරු උප්පත්තිය ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් සළසා තිබුණි.
ලුම්බ්ණි ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර පූජ්‍ය ගලහපිටිය ප්‍රේමරතන නායක ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ආගමික වතාවත් සිදුකොට ජනාධිපති ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළහ.
අනතුරුව ජනාධිපතිවරයා ලුම්බිණි පුද බිමේ පිහිටි මායා දේවි විහාරය ද වැද පුදා ගත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...