මැති ඇමැතිවරුන් 20කට ආසන්න පිරිසක් මේ දිනවල විදේශ සංචාරවල යෙදී සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ ගතව සිටින මේ පිරිස අතර තිලක් මාරපන , දයා ගමගේ , යන ඇමැතිවරුන්ද වසන්ත සේනානායක , අජිත් පී පෙරේරා , ආචාර්ය හර්ෂ ද සිල්වා හා ජේ.සී අලවතුවල යන රාජ්‍ය ඇමැතිවරුන් හා විජයපාල හෙටිටිආරච්චි , ගාමිණි ලොකුගේ, විජිත හේරත්, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන්, අලි සහීර් මවුලානා,මහාචාර්ය ආශූ මාරසිංහ යන මන්ත්‍රීවරුන්ද වෙතියි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ මැති ඇමැතිවරුන්ගෙන් කිහිපදෙනෙකු රාජකාරිමය අවශ්‍යතා සඳහා ද තවත් අය පෞද්ගලික අවශ්‍යතා හා නිවාඩුව ගත කිරීම සඳහාද මෙසේ විදේශ ගතව සිටින බව පවසන එම ආරංචි මාර්ග ඇතෙමකු පවුලේ සමාජිකයන් සමඟ විදේශ ගතව සිටින්නේ යැයිද සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...