පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ඇතුළත් සංස්‌ථාපන ගැසට් නිවේදනය ලබන බදාදා (01 දා) නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පැවැසීය.
නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුව හා නුවරඑළිය පළාත් පාලන ආයතන දෙක හයක් බවට පත්කිරීම පිළිබඳව ලබන අඟහරුවාදා (31 දා) පැවැත්වෙන කැබිනට් මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුදින අදාළ ගැසට් නිවේදනයට අත්සන් කරන බව ද ඊයේ (27 දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කියා සිටියේය.
‘දැන් පිච් එක හදලා දුන්නා. මැතිවරණ කොමිසමේ සභාපතිට පුළුවන් දැන් තරගය තියන්න. මට එතුමා චෝදනා කළා බෝලේ අතුල්ල අතුල්ල ඉන්නවා විතරයි කියලා. ඔන්න දැන් බෝලෙයි පිච් එකයි දෙකම හරි. දැන්වත් තරගය පටන්ගන්න’ යෑයි ද ඇමැතිවරයා කීය.
අඹගමුව හා නුවරඑළිය පළාත් පාලන ආයතන හයකට කඩා හයක් බවට පත් කළද එහි සීමා නිර්ණයක් සිදු නොකරන බවද කලින් තිබූ මන්ත්‍රී සංඛ්‍යාව සමානව බෙදා සභිකධුර ප්‍රමාණය නිර්ණය කළ බවද ඇමැතිවරයා කියා සිටියේය.
කල්මුණේ මහ නගර සභාව කොටස් කිහිපයකට කැඩීමට යෝජනාවක් පැමිණි නමුත් ප්‍රදේශය නියෝජනය කරන සියලු පක්‍ෂ හා සංවිධාන සමඟ සාකච්ඡා නොකර කිසිදු තීරණයක් නොගන්නා බවද එම නිසා එම සභාව කැඩීමකින් තොරව ගැසට් නිවේදනය නිකුත් කරන බවද කියා සිටියේය.
ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව අනිවාර්යයෙන්ම ජනවාරි මාසය ඇතුළත ඡන්ද විමසීම සිදු කිරීම රජයේ අරමුණ යෑයි ද හෙතෙම කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...