දේශීය පුවත්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධානය තුළ තබා ගැනීමට නුසුදුස්සෙක් බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය වැනි දෙමළ ජනතාවගේ ස්ව ගෞරවය උදෙසා සටන් කරන පක්ෂයකට සිය ආත්ම ගරුත්වය අහිමි කරගත නොහැකි බවද සුමන්තිරන් මහතා පැවසීය.

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එම සන්ධානයේ පේදුරුතුඩුව කාර්යාලයේදී ‘ හමුවක් කැදවමින් ඔහු මේ බව සදහන් කර සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.

‘මානසික ආතතියකින් පසුවන ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම තත්වයෙන් මිදී නිවැරදි පිළිතුරක් පැහැදිලිව ප්‍රකාශ කරන්නෙකු නම් ඉන් අනතුරුව මීලග පළාත් සභා මැතිවරණය පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ අදහස හෙළිකරන්න පුළුවන්. මීළඟ උතුරු මහ ඇමති අපේක්ෂකයා කවුරුද යන්න පිළිබදව තවමත් දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගෙන නැහැ. මහ ඇමතිවරයා ප්‍රකාශයක් කරන වෙලාවේ තමන් තුළ විකල්ප තුනක් ඇති බව ප්‍රකාශ කළා.එය අද වනවිට හතරක් වෙලා.හෙට විකල්ප පහක් වෙන්න පුළුවන්. දවසින් දවස එය වැඩිවෙන්නත් පුළුවන්.

එනිසා ඔහුගේ මානසික ආතතියට අපිට වගකියන්න බැහැ.ඔහු මානසික ආතතියෙන් මිදී යහපත් මානසික තත්වයකින් නිවැරදි අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයට සිය ස්ථාවරය හෙළිකළ හැකියි.

පාර්ලිමේන්තු මැතිවරණ සමයේ ප්‍රධාන අමාත්‍යවරයා ඔහු නියෝජනය කරන පක්ෂයට එරෙහිව කටයුතු කළ අවස්ථාවේ ඊට ප්‍රසිද්ධියේම මම විරෝධය පළ කළා .එදා මම කියපු දේවල් වැරදියි කියල කියපු අය එදා මම කියපු සියළු දේ නිවැරදි යැයි කියනවා.

පළාත් සභා මැතිවරණ සමයේ තමන් තරඟ කළ දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දෙන්න යැයි ඉල්ලු මහ ඇමතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයේදී නිවසින් පිටතට විත් (දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලකුණෙන්) ඡන්දය දෙන්න විත් කියා සිටියා.මොහු තවදුරටත් පක්ෂය තුළ සිටීමට නුසුදුස්සෙක් වෙනවා.එබැවින් දෙමළ ජනතාවගේ ස්වගෞරවය වෙනුවෙන් සටන් කරන පක්ෂයක් ලෙස එම ගෞරවය අහිමි කරගන්නට බැහැ.

මේ ආණ්ඩුවෙන් මොනවද කරල තියෙන්නෙ කියල අහනවා.අඩුම තරමින් පාරට බැහැල සටන් කරන්න පුළුවන් තත්වයක් ඇතිකරල තියෙනවා. උතුරේ දෙමළ ජනතාවට අයිති බොහෝ ඉඩම් දැන් නිදහස් කරල තියෙනවා.මේ සියළු දේට හේතු වුනේ මෙරට තුළ ඇතිවූ දේශපාලන වෙනසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More