ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරි දෙනුන් හට වෛරස් රෝග දෙකක් වැළදී ඇති බවට රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී තිබියදී රුපියල් කෝටි 175ක් වියදමකින් යළිත් එම සමාගමෙන්ම කිරි දෙනුන් ආනයනය කිරීමට රජය තීරණය කර මුදල් ගෙවා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය 31 වෙනි දින දඹුල්‍ලේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අනාවරණය කළේය.
බ්‍රිතාන්‍යයේ පර්යේෂණ ආයතනයක් වන Holly Referance Laboratory හිදී මෙරටට ආනයනය කළ දෙනුන්ගේ මළ මුත්‍ර නිදර්ශක පරීක්ෂණයකදී බි.වී.ඩී. (Bovin Viral Diarrhoea) හා Faciyela Hepatica යන රෝගකාරක වෛරස් ආසාදනයට ලක්ව ඇති බවට තහවුරු වී ඇති බවද නාමල් කරුණාරත්න මහතා පැවසීය.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම සංවිධානය ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු අනාවරණය කිරීම මෙම මාධ්‍ය හමුව පවත්වන බවද ඒ මහතා කියා සිටියේය.
මෙම තත්ත්වය මත රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය සිය සාමාජිකයින් හට මේ පිළිබඳව ලිඛිතව දැනුම් දෙමින් උපදෙස් දී ඇත්තේ ආනයන කළ කිරි දෙනුන් පිළිබඳව කිසිදු රාජකාරියක නියැලීමෙන් වැළකින ලෙසය. එම කිරි දෙනුන් හට වැළදී ඇති වෛරස් රෝගයන් ක්ෂීරපායි සතුන් ඇතුළු මනුෂ්‍යයන්ටද බෝවීමේ අවදානමක් ඇති බවට පර්යේෂණ මගින් තහවුරු වී තිබිම නිසා එසේ උපදෙස් නිකුත් කර ඇති බවද, නාමල් කරුණාරත්න මහතා මෙහිදී කියා සිටියේය. මෙරටට ආනයන කර බෙදා හැර ඇති ආසාධිත කිරි දෙනුන් හඳුනාගන ඔවුන් විනාශ කරන ලෙස පශු වෛද්‍ය පර්යේෂණ නිලධාරීන් උපදෙස් ලබාදී තිබියදී තවදුරටත් රජයේ මුදල් අවභාවිතා කරමින් ඔස්ට්‍රේලියානු පුද්ගලික සමාගමකින් කිරි දෙනුන් ආනයනය සඳහා මුදල් ලබාදීම බරපතළ අපරාධයක් බවද මෙහිදී නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.
කිරි දෙනුන් 5000 ක් මේ වන විට ගෙන්වා ඇතැයිද තවත් කිරි දෙනුන් 20000ක් ගෙන්වීමට මෙසේ රජය මුදල් ගෙවා ඇතැයිද මෙහිදී අනාවරණය විය.
සත්ව නිරෝධායන පනත අධ්‍යයන කිරීමේදී සතුන්ට බෝවිය හැකි රෝග සඳහන්ව ඇතත් ඉහත සඳහන් රෝග දෙක පිළිබඳවද එවැනි සඳහනක් නොමැති බව පැවසූ නාමල් මහතා මෙරට ගව සම්පත පවතින තත්ත්වය හමුවේ බරපතළ අනතුරුදායක තත්ත්වයක පවතින බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය වහාම යොමු කර විශේෂ පරීක්ෂණයක් සිදුකර මෙම අපරාධයට වගකිව යුත්තන්හට දඬුවම් පමුණූවන ලෙසටද ඉල්ලා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...