දේශීය පුවත්

කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සාමායට බාධා ඇති කළහොත් සුදුසු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පැවසීය.

ජන ජීවිතයට මහජන සාමයට බාධා නොවන අයුරින් කටයුතු කරන්නැයි උද්ඝෝෂක සංවිධායකයින්ගෙන් තමා ඉල්ලීමක් කරන බවද පොලිස්පතිවරයා කීවේය.

උද්ඝෝෂණය පැවැත්වෙන 05 වැනිදා කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවන බව කී ජයසුන්දර මහතා පිට පළාත් වලින්ද පොලිස් කණ්ඩායම් කිහිපයක්ම කැඳවන බවද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව ඇතුළු නගරයේ වැදගත්ම ස්ථාන රැසකට විශේෂ ආරක්ෂාව යොදවන බවත් අමතර බුද්ධි අංශ කණ්ඩායම්, කැරලි මර්ධන කණ්ඩායම්, රථ වාහන පොලිස් නිලධාරීන් ද සීරුවෙන් තබන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස ලබා දුන් බවද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More