ප්‍රවාහනය විධිමත් කිරීමේ මුවාවෙන් 5 වැනිදා පැවැත්වෙන් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව වැළැක්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (02) කොළොන්නාවේදී පැවැති ජනහමුවත් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
”දැන් මේ ආණ්ඩුව කොයි තරම් බය වෙලාද කියනවනම් ප්‍රවාහනය විධිමත් කිරීමට සතියක් නම් කරලා. ඊට පස්සේ පෞද්ගලික බස් හිමියන්ට යවනවා ලියුම් නියමිත කාලසටහනට අනුව මේ සතියේ අනිවාර්යයෙන් බස් ධාවනය කළ යුතුයි කියලා. ඒකෙන්ම පේනවා ආණ්ඩුව බය වෙලා තියෙන තරම. මේ රටේ ඉතිහාසයේ කවරදාකවත් මම හිතන්නේ ජේ.ආර්ගේ කාලෙවත් විරෝධතාවක් වළක්වන්න බස් වලට මෙහෙම නියෝග කළේ නෑ. එහෙම දෙයක් අපි අහලා නෑ. ජේ.ආර්.ගේ බෑණා පොඩ්ඩ සහ සිරිසේන මහත්තයා එක්ක අත්වැල් බැඳගෙන තමයි මේවා කරන්නේ. අපි කියනවා පිටපලාත්වල මිනිස්සුන්ට කොළඹට එන්න බස් දුන්නේ නැත්තං පයින් හරි කොළඹට එන්න කියලා. නැත්පුතම්ද්ග බර කරත්ෙත් හරි කමක් නෑ. පුද්ගලික වාහන තියෙන හැම කෙනෙක්ගෙන්ම අපි ඉල්ලනවා තමුන්නාන්සේලාගේ වාහනේ නාග්ග ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය නග්ගගෙන 5 වැනිදට කොළඹට එන්න. අපි පෙන්නමු උඹලාගේ පෝමිට් බැරියර් කඩාගෙන මේ රටේ ජනතාව සූදානාම් මේ පාහර ආණ්ඩුව පළවා හරින්න කියලා.
දකුණේ දවසින් දවස විවිධ වූ චෝදනා එල්ල කරමින් භික්ෂූන්වහන්සේලා සිරගත කරනවා. නමුත් උතුරේ දෙමළ කිතුනු පූජකතුමන්ලා ‘උතුරේ සිංහලයෝ එකෙක්වත් පදිංචි කරන්න දෙන්නේ නැහැ’ කියාගෙන ප්රභාකරන්ගේ පින්තූරය අරගෙන පෙළපාලියේ යනවා. උසාවියේ උස් හඬින් කතා කළා, පොදු දේපළවලට හානි කළා, කියමින් භික්ෂූන්වහන්සේලා හිරේ දමමින් මේ රටේ උරුමයට ගහනවා. නමුත් ජාතික ආරක්ෂාවට බාධා වන ලෙස උතුරේ දී කටයුතු කරන පිරිස් ඉදිරියේ නීතිය නැමෙනවා.
එදා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු වූ ප්‍රෙඞ්රික් නෝර්ත් පැවසුවා ‘මේ කහකඩ හමුදාව ඉන්නකම් මේ රට අපට උවමනා විදිහට පාලනය කරන්න බැහැ’ කියලා. එදා සුද්දාටත් බුද්ධ චීවරේ ප්‍රශ්නයක් වෙලා තිබුණා. තමන්ගේම නිෂ්පාදන රටාවකට උරුමකම් කියූ දියුණු මිනිසෙකු මේ පොළොවේ බිහි වුණේ බෞද්ධ සභ්‍යත්ව උරුමය නිසයි. ඒකයි බැලුවේ බුද්ධ චීවරයට ගහන්න. නමුත් ගහලා ඉවර කරන්න බැරි වුණා. නමුත් මේ පරගැති ආණ්ඩුව එදා සුද්දට බැරි වුණු වැඬේ පටන් අරගෙන තිබෙනවා. අද බුද්ධ චීවරයට පහර ගහනවා. මේ ගහන්නෙ බුද්ධ චීවරයට නොවෙයි මේ රටේ මුදුන් මුලට.
‘ගෙවී ගිය අවුරුදු තුනම කළේ විදේශිකයා පිනවීම‘
ස්වදේශිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ පරගැති ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැහැ. අවුරුදු තුන පුරා ගනු ලැබුවේ විදේශිකයා පිනවීම සඳහා වන පියවරයන්. අද ඉන්දියානු රජයේ ආධාර යටතේ උතුරේ ඉදිවන නිවාසවලින් 40%ක පදිංචි කරන්නේ දකුණු ඉන්දියානු දෙමළ ජනතාව. අපට කොලේ වැහුවාට අද ඉන්දියාවේ ප්රමුඛ පෙළේ මාධ්‍ය සියල්ල අනාවරණය කර තිබෙනවා, ‘දෙසැම්බරයේ එට්කා ගිවිසුම අත්සන් කරනවා’ කියා. එට්කා ගිවිසුම අත්සන් කළාට පසුව මෙරට රැකියා වෙළදපොළ ඉන්දියානු ශ්‍රමිකයන්ට මුළුමනින්ම විවෘත වෙනවා.
‘අද අපත රැලක් ජාතියට මඟ කියන හැටි’
මේ ආණ්ඩුව හදන්න යන්නේ බුද්ධ චීවරයට, අපේ සභ්‍යත්වයට, රටේ ඉතිහාසයට ගරහන ජාතියක්. ඒ නිසා තමයි ‘ජිප්සීස් සුනිල් පෙරේරා’ වැනි ගොබ්බයන්, ජාතියට මඟ කියන්නවුන් ලෙස බෞතීස්ම කරන්නේ. රස්තියාදුකාර මානසිකත්වයෙන් පෙළෙන පරපුටු රැලක්, අද ජාතියට මඟ කියන විදග්ධයන් බවට පත් කරලා. ඩොලර්වලට, පවුම්වලට, යුරෝවලට ඕනෑම අපත වැඩක් කරන කනේ කරාබු දාගත්තු, කොණ්ඩ බැඳපු, රැවුල් වවාපු, ජාතියක්, ජම්මයක්, සභ්‍යත්වයක් නැති එන්ජිඕකාරයන් අද ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවලට වෙලා ජාතියට බණ කියනවා. මේ විකෘතියට මේ විදිහට පවතින්න ඉඩ දෙන්න බැහැ. මේ තත්ත්වය මේ විදිහට පවත්වන්න ඉඩදී නිහඬව බලා සිටිනවා නම් අපි අපේ මුතුන්මිත්තන්ගේ පරම්පරාගත ජානමය උරුමය තිබෙන පිරිසක් වෙන්න බැහැ. ඒ නිසා සැප්තැම්බර් 05 වැනිදා ඉර උදාවෙන්නේ, ‘ඔබ ඒ ආදි පරම්පරාවන්ගෙන් පැවත එන සුජාත දරුවෙක් ද නැද්ද?’ කියන සම්මුඛ පරීක්ෂණයට. ප්රජාතන්ත්රවාදය සමඟ සෙල්ලම් කරමින්, ඡන්ද කල් දමන මේ වැඩබැරි, හිඟන හවුලට ‘බැහැපල්ලා එළියට. නුඹලා බැහැලා යනකම් අපි අඩියක් හෙල්ලෙන්නේ නැහැ’ කියා මුළු කොළඹම වටලන්න ඔබ සූදානම් ද? නැද්ද? කියන සම්මුඛ පරීක්ෂණයයි සැප්තැම්බර් පස්වැනිදා පැවැත්වෙන්නේ. එදා කොරියාවේ තරුණයන් සෝල් අගනුවරට ගිහින් වාඩිලාගෙන එරට අගමැති ගෙදර යනකම් නොසැලී සිටියා නම් දුටුගැමුණු පරපුරේ මේ රටේ සුජාත දූ දරුවන්ට ඒ දෙය කරන්න බැරිකමක් නැහැ. මහජනයාගේ බලයට වැඩි බලයක් මේ ලෝකේ නැහැ. ඔටුන්න රජාගෙ වුණාට මේ මව් පොළොව අපෙයි. ඒ නිසා අපට අයිතියක් තියෙනවා ගිහින් කියන්න, ‘ගලවපල්ලා ඔටුන්න. අපේ රට යළි අපට දීපල්ලා’ කියලා.
‘ආණ්ඩුව බය වෙලා තියෙන තරම’
දැන් මේ ආණ්ඩුව ප්‍රවාහනය විධිමත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කරලා පෞද්ගලික බස් රථ හිමියන්ට දැනුම්දෙනවා, ‘බලපත්‍ර හිමි මාර්ගයේ නියමිත කාලසටහනට අනුව ධාවන කටයුතුවල නිරත විය යුතුයි’ කියලා. ඒ වගේම තාවකාලික ධාවන බලපත්‍ර ලබා දීමත් මේ සතිය තුළ අත්හිටුවලා. ඒකෙන්ම පෙනෙනවා ආණ්ඩුව බය වෙලා තියෙන තරම. ජේ. ආර් ජයවර්ධන පාලන කාලයේවත් ජනතා විරෝධයක් මැඩ පවත්වන්න බස් රථවලට මෙවැනි නීති පැනවූයේ නැහැ. නමුත් සිරිසේන මහත්තයා සමග අත්වැල් බැඳගෙන කසාදය ගෙනයන මේ ජේ. ආර්.ගේ බෑණා පොඞ්ඩ ඒ වැඩෙත් කරලා තිබෙනවා.
‘චතුරගේ මගුල – අනුරට අවමගුලක්‘
කසාද කිව්වාම මට මතක් වුණේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති චතුර සේනාරත්නගේ මගුල. මම බලාගෙන හිටියේ රතු අලිපැටියා මේ ගැන කට උල් කරගෙන කතා කරන තුරු යි. නැහැ, එයා චතුර සේනාරත්නට විරුද්ධව කට අරින්නේ නැහැ. චතුරගේ මගුල අද අනුර දිසානායකට අවමඟුලක් වෙලා. චතුර සේනාරත්න, ‘ඩීල් අනුරගේ’ කට වහලා ඉවරයි. මේ රට, මේ වළට ඇද දැමීමට මේ දේශපාලන තක්කඩි වගකිව යුතුයි. නමුත් මේ මගුල නාමල් රාජපක්ෂගේ හෝ යෝෂිත රාජපක්ෂගේ වුණානම් රතු අලිපැටියාගේ කට උල් වෙලා, කට ඇරෙන හැටි බලාගන්න තිබුණා.
‘මෙහෙමත් හිඟන පාලකයෝ‘
මේ දේශපාලන තක්කඩි තමයි ජනතාව නොමඟ යැව්වේ. පොලිසිය ස්වාධීන කරන්න කොමිෂන් සභාවක් ගේනවා. කෝ අද පොලිසිය ස්වාධීන ද? අරලියගහ මන්දිරය චතුරගේ මඟුලට දුන්නාම ජනතා විරෝධය ආවා. දැන් ඒ ජනතා විරෝධය වහගන්න කියනවා, ‘අපි දැන් අරලියගහ මන්දිරය කුලියට දෙනවා’ කියලා. රටේ අගමැති නිල නිවසය කුලියට දීලා සල්ලි හොයන්න හදන මේ වගේ හිඟන පාලකයෝ රටකට මොකට ද?
ඒ නිසා අපි සැප්තැම්බර් 05 වැනිදා අපේ වගකීම ඉටු කරමු. ‘නුඹලාගේ බස් තියාගනිල්ලා’ කියලා සියලු පෞද්ගලික වාහනවලින් හැකි පමණ ජනතාව කොළඹට ගෙන එමු. සැප්තැම්බර් 5 වැනිදා සවස් වන විට අපි පෙන්වමු, ‘නුඹලාගේ බස් බැරියර් කඩාගෙන අපි ආවා’ කියලා. අද සිටම මේ සාමකාමී, ප්‍රහාරාත්මක උද්ඝෝෂණයකට ලෑස්ති වෙමු.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018.09.03
ජේ.ආර්ගේ කාලෙවත් විරෝධතාවක් වළක්වන්න බස්වලට මෙහෙම නියෝග දීලා නෑ
ජේ.ආර්ගේ කාලෙවත් විරෝධතාවක් වළක්වන්න බස්වලට මෙහෙම නියෝග දීලා නෑ
Gepostet von Lanka Lead News am Sonntag, 2. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...