දේශීය පුවත්

එළැඹෙන 5දා හා 6දා පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතාට කිසිම පාර්ශ්වයකින් උපදෙස් ලැබී නැතැයි කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

ජනාධිපතිතු මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෝ වෙනත් කිසිම පාර්ශ්වයකින් එවැනි උපදෙස් ලැබි නැති බවත් පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයකදීවත් එවන් උපදෙස් නොලැබුණ බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

අදාළ දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනැගී නොමැති බවද කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

2018 සැප්තැම්බර් මස 5 සහ 6 දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව තමා වෙත උපදෙස් ලැබී ඇතැයි ගරු කථානායකතුමන් පැවසූ බවට 2018.09.02 ඉරු දින ඇතැම් ජාතික පුවත්පත් වල දේශපාලන තීරු ලිපියේ සඳහන් වූ තොරතුර මුළුමනින්ම සාවද්‍ය බව අවධාරණය කරමු.

එමෙන්ම, ගරු ජනාධිපතිතුමන් හෝ වෙනත් කිසියම් පාර්ශවයක් ගරු කථානායකතුමන්ට එවන් උපදෙස් ලබා දීමක් සිදු කර නොමැත.

පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයකදී තමාට එවන් උපදෙස් ලැබී ඇති බවට ගරු කථානායකතුමන් කිසිදු ප්‍රකාශයක් ද කර නොමැත.

එමෙන්ම, අදාල දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනැගී නොමැති බවද අවධාරණය කරමු.

– කථානායක මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More