ඉඩමට අයුතු ලෙස ඇතුළු වී පොල් කඩා පොල් ගෙඩි 13ක් සොරකම් කිරීමේ චෝදනා යටතේ තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු 30 වැනිදා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ.ඒ.ආර්. නදීශානි මහත්මිය සැකකරුවන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටත් නැවත ඔක්තෝබර් මස පළමු වැනි දින තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් නියෝග කරන ලදී.
රාජාංගණය යාය 2 ඩී ඇළ ප්‍රදේශයේ ඉඩමකින් පොල් කඩමින් සිටියදී ඉඩමේ අයිතිකරු සහ අවට පිරිස් එක්ව මොවුන් දෙදෙනා අල්ලාගෙන ඇත. ප්‍රදේශවාසීන් 119 දුරකථනයට දුන් පණිවුඩයක් අනුව තඹුත්තේගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම පොලිසියේ පොලිස් කොස්තාපල් ප්‍රේමසිරි (30443) නිලධාරියා අධිකරණයට කරුණු දක්වා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...