දේශීය පුවත්

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“අපේ ශක්තිය මැනිය හැක්කේ සතුරා අපට දක්වන ප්‍රතිචාරය මතයි“ කියා ලෝක ප්‍රකට යුද විශේෂඥයෙකු වන සුන් සු ප්‍රකාශ කළා. ජන බලය කොළඹට ව්‍යාපෘතියට ආණ්ඩුව දක්වන බිය දෙස බැලුවාම අපේ ව්‍යාපෘතිය අතිශයින්ම සාර්ථකයි කියා කියන්න පුළුවන්.

“ජන බලය කොළඹට“ වැඩසටහනට සහභාගි වෙන්න සැප්තැම්බර් 5 දා ජනතාව කොළඹට පැමිණීම වලක්වන්න ආණ්ඩුව දන්න සෙල්ලම් ඔක්කෝම දානවා. සමෘද්ධි නිලධාරින්ගේ සහ කෘපනිසලාගේ නිවාඩු අහෝසි කරලා විතරක් නොවේ ඒ අයට ක්ෂේත්‍ර රාජකාරි තහනම් කරලා. ඔවුන් ජනතාව අතරට යෑම වැලැක්වීම තමයි මේ තහනමේ අරමුණ. ඒ වගේම ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 05 දා උදේ සුනාමි පෙරහුරුවක් පවත්වනවා කියලා ජනතාවට ගෙදර ඉන්න කියලා දැනුම් දී තිබෙනවා.

ඒ වගේම බොරු මගී ප්‍රවාහන ආදර්ශ සතියක් ප්‍රකාශ කරලා ඒ සතිය තුල සියළුම බස් රථ තමන්ගේ බලපත්‍රයේ ඇති ධාවන මාර්ගයේ පමණක් ධාවනය කළ යුතු බවට චක්‍රලේඛයකින් දැනුම් දීලා. සැප්තැම්බර් 1දා සිට මේ සතිය නම් කරන්න ඕනෑ කියලා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට මතක් වෙන්නේ අගෝස්තු 29 දා. මේ ඊනියා ආදර්ශ සතියේ අරමුණ වී තිබෙන්නේ සැප්තැම්බර් 5 කොළඹට පැමිණෙන ජනතාවට බස් අහිමි කරන්න. නුවර ඉඳන් කොළඹට පයින් ආපු අපට බස් රථ අහිමි කරලා අපිව නතර කරන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා.

යම් දේශපාලන පක්ෂයකට අවාසියක් කිරීමේ අදහසින් සිය රජයේ තනතුර භාවිතා කරනවා නම් එය දූෂණයක්. අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම් කළ හැකි වරදක්. ඊනියා ආදර්ශ සතිය නම් කරලා බස් රථ හිමියන් බිය වැද්දීමට උත්සාහ කරපු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරින්ට එරෙහිව අපේ ආණ්ඩුවක් යටතේ දූෂණය පිළිබඳ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනවා කියන එකත් මතක් කරනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More