දේශීය පුවත්

අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයින්ට දීමනා ලබාදීම සඳහා වූ යෝජනාව අද(04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එම යෝජනාව මඟින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක්, දුරකථන දීමනා, මාසිකව ඉන්ධන ලීටර් 225ක් සහිතව නිල වාහනයක් ලබාදීමට නියමිතයි.

අතුරුදන්වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් සඳහා මාසිකව රුපියල් 75,000ක දීමනාවක් ද දුරකථන දීමනාවක් ද, ප්‍රවාහන දීමනාවක් ද ලබාදීමට යෝජනා වී තිබේ.

අදාළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව සඳහන් වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හත් දෙනෙකු පසුගිය පෙබරවාරි මාසයේ දී පත් කරනු ලැබීය.

එම කාර්යාල සාමාජිකයින්ගේ වැටුප් ඇතුළු දීමනා පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතු අතර එය රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ගෙවීම සිදුකළ යුතු වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More