දේශීය පුවත්

බලපත්‍රය නොමැති මාර්ගයක ධාවන කිරීමේදී බස් හිමියන්ගේ මාර්ග බලපත්‍රය තහනම් කිරීමට නොහැකි බවත්, උපරිම දඩයක් ලෙස රුපියල් 1000ක මුදලක් දඩ මුදලක්බ ලෙස අයකර ගත හැකි බවත්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (04) එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද පැවසීය.

”මම ගාව තියනවා මේකේ ගැසට් එක. මේ ගැසට් එක 1996දී මම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස නිකුත් කළ එකක්. මේ නීතිය අනුව යම් කිසි හෙයකින් බස් රථය දුවන මාර්ගයෙන් පිටත බලපත්‍රයක් නොමැතිව ධාවනය කළොත් රුපියල් 1000ක දඩයක් විතරයි ගහන්න පුළුවන්. බලපත්‍රය අවලංගු කරන්න බැහැ. ඒ නිසා මේ ආයතනවල සභාපතිකම් කරන හෙන්චයියලාට ඕන ඕන විදියට බලපත්‍ර අහිමි කිරීම් කරන්න බැහැ. එහෙම වුණොත් අපි පුද්ගලිකව මැදිහත් වෙනවා. යම් කිසි හෙයකින් මේ සදහා රුපියල් 1000ක දඩමුදලක් නියම කරනවානම් ප්‍රහාන අධිකාරියේ සේවකයන් මේ දඩ මුදල අය කරන්න ඕන. පොලීසියටවත් අයිතියක් නෑ මෙය අයකර ගැනීමට. අපි වගකීමෙන් කියනවා මෙම උද්ඝෝෂණයට පැමිණෙන යම්කිසි බස්රථයකට මෙම රුපියල් 1000 දඩය ගැහුවොත් අපි 5 වැනිදා හැන්දෑව වෙනකොට මේ එන ජන ගගෙන් සතය සතය හෝ එකතු කර එම දඩමුදල ගෙවා දැමීමට කටයුතු කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More