අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාවක් ජනාධිපති අතට පත් කර තිබේ.
එම කාර්යාලයේ ප්‍රධානි නීතිඥ සාලිය පිරිස් ඇතුළු සාමාජිකයින් 05 බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න හට අතුරු වාර්තාව බාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මාස 06 ක් තුළ සිදු කෙරුණු පරික්ෂණ අනුව සකස් කෙරුණු අතුරු වාර්තාව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු බවයි අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසන්නේ.
අතුරුදහන් වුවන් පිළිබඳව පිළිතුරු ලබා දෙන බවට පොරොන්දු වී බලයට පත් වර්තමාන රජය යටතේද තමන් පීඩාවට පත්වීම ගැන ඥාතීන් සිය බලවත් අප්‍රසාදය පල කර සිටියේ අතුරුදහන් වුවන් පිළිබඳ තවත් ජාත්‍යන්තර දින සමරුවකදීය.
“බලහත්කාරයෙන් අතුරුදහන් කරපු අය ගැන අපි ජනාධිපති කෙලින්ම හමු වූ වෙලාවේ කියපුවම අපෙන් ඇහුව ඉන්න තැනක් කියන්න ගෙනත් දෙන්නම් කියලා. වාහනයක් දෙන්නම් ඔයාලා ගිහිල්ල හොයාගන්න කියනවා. මෙහෙම ජනාධිපති කෙනෙක් අපිට මොකටද?”
අතුරුදහන් තම සමීපතමයන්ගේ ඉරණම හෙළි කර දීම සඳහා පලවත් පියවර නොගන්නා බවට ආණ්ඩුවටත්, දෙමළ දේශපාලකයන්ටත්, ජාත්‍යන්තර බලවේග වලටත් උතුරු නැගෙනහිර පීඩාවට පත් වූවන්ගේ බලවත් විරෝධය පළ විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...