අද (06) දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයකින් ඉන්දීය යටත් විජිත නීතියේ වගන්ති 377 යටතේ 2013 දීලබා දුන් නඩු තීන්දුවක් නැවත සලකා බැලීමට නියමිත ය. වගන්ති 377 යටතේ ‘සම ලිංගික සේවනය‘ ‘අස්වාභාවික අපරාධයක්‘ ලෙස වර්ග කර තිබුණු අතර එයට හිමි දඬුවම වූයේ වසර 10 ක සිර දඬුවමකි.
2016 දී ත‍්‍රිපුද්ගල විනිසුරු සභාවක් මඟින් ද මෙම වගන්තියට එරෙහිව පෙත්සමක් නැවත සළකා බැලූවේ ‘ව්‍යවස්ථාමය වැදගත් කරුණක්‘ ලෙස පමණී. මෙවර ඉන්දීය අග විනිසුරු දීපක් මිස්රා ඇතුළු පස් විනිසුරු සභාවක් ඇසුරෙන් මෙම වගන්තිය නැවත සළකා බැලීමට නියමිත ය.
වසර 157 ක් පැරණි මෙම යටත් විජිත නීතියට එරෙහිව බොහෝ සිවිල් සංවිධාන හඬ නඟන අතර සම ලිංගිකයන් හා ලිංග සංක‍්‍රාන්තිකයන් හට අසාධාරණ සිදු කිරීමේ අරමුණින් මෙම නීතිය සැකසුණු බවට ඔවුන් චෝදනා කරමින් සිටියි. කෙසේ වෙතත් 2017 දී දුන් ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ‘පෞද්ගලික නිදහසට සම්බන්ධ නඩු තීන්දුව’ තවදුරටත් සුරැකීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරනු ඇති බවට මහජන මතය වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...