දේශීය පුවත්

සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීමේ ක්‍රියාවලිය හරහා ආණ්ඩුව සිය ප්‍රජාතන්ත්‍ර විරෝධි බව පෙන්වා ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

රට සුරකින පවුර කැඳවා තිබු මාධ්‍ය හමුවක් අමතමින්උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

“මේ ගිවිසුම නීති විරෝධි ගිවිසුමක්. මේ ගිවිසුම අත්සන් කරපු ආකාරය මගින් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධි බව පෙන්වලා තියනවා. මේක යහපාලනයක් නෙමෙයි අවපාලනයක් බව අපිට කියන්න පුළුවන් වෙලා තියනවා. කැබිනට් මණ්ඩලයේ සම්මත වුණා කියලා කිව්වාට මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයේ සම්මත වුණාද කියන ප්‍රශ්නය අපිට ඇති වෙලා තියනවා. ජනාධිපතිතුමා නිර්දේශ ලබා දීලා තියනවා මේ ගිවිසුම සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවේදි විමසුවාම හැම ඇමතිවරයෙක්ම කියන්නේ අපි මේ ගැන හාන්කවිසියවත් දන්නේ නෑ කියලා. ඒ නිසා තමයි කියන්නේ මේ ගිවිසුම නිතිවිරෝධි ගිවිසුමක්. මේ ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. අඩුම තරමේ සදාචාරයක් තිබුණේ නෑ මෙම ගිවිසුම සිංහල හා දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන්න. මේ ගිවිසුම හදලා තියෙන්නේ මලික් සමරවික්‍රම හා එතුමා වටේ ඉන්න කිහිපදෙනෙක් විතරයි. මම අගමැතිවරයාගෙන් මේ ගිවිසුම පිළිබඳව විමසුවාම අඩුම තරමේ එතුමාවත් ගිවිසුමේ සම්පූර්ණ පිටු එකදහස් ගණන කියවලා නෑ. රටේ ජනාධිපතිවරයා කියවලා නෑ. ගිවිසුමේ අඩංගු දේ ගැන වගකීමක් ගන්න කෙනෙක් නෑ.”උන්වහන්සේ පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More