අටකලන් විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා නියෝජිතයන් පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් සියලු ප්‍රාදේශිකයන්හි නිතරග ජයක් ලැබීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ කණ්ඩායම සමත්ව ඇත.
ඡන්ද විමසීමේදී ප්‍රාදේශික 23ක් සදහා කාරක සභිකයින් 210 දෙනෙකු තෝරා ගැනීමට නියමිතව තිබිණි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අපේක්‍ෂකයෙක් ඡන්දය විමසීම සදහා ඉදිරිපත්කොට තිබුනේ නැත.
ඒ අනුව ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයන් තේරී පත්ව ඇත.
මෙම මැතිවරණය වසරක් තිස්සේ කල් දමමින් තිබූ බවත් එය සිදු වූයේ එජාප මන්ත්‍රී හේෂා විතානගේ සහ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතානගේ බලපෑම මත බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...