ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශවයේ සිට ඒකාබද්ධ විපක්ෂයට එක් වූ 15 දෙනාගේ කණ්ඩායමේ 7 දෙනෙකුට පක්ෂයේ ආසන සංවිධායක ධූර අහිමි වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ මස 02 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රීලනිපයේ සංවත්සරයට පෙර ආසන බළමණ්ඩල ආදී සංවිධාන පිහිටුවන ලෙස දැනුම් දී තිබුණත්, 15 දෙනාගේ කණ්ඩායමේ බොහෝ දෙනකු එම ඉලක්ක තවම සපුරා නොමැති බව ද වාර්තා වේ.
මෙම 15 දෙනාගේ කණ්ඩායමේ සිටින එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, සුමේධා ජී. ජයසේන, තිලංක සුමතිපාල යන මහත්වරු ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරමින් ශ්‍රීලනිප නිල රැස්වීම්වලට ද සහභාගි වෙති.අනෙක් 11 දෙනා එම රැස්වීම් සඳහා මෙතෙක් සහභාගි වි නොමැති අතර ඒ අතරින් සුනිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ටී. බී. ඒකනායක, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරු එජාපය පමණක් නොව, ආණ්ඩුව තුළ ශ්‍රීලනිප ක්‍රියාකාරීත්වය ද දැඩි ලෙස විවේචනය කරමින් සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...