දේශීය පුවත්

කටුනායක ගුවන් තොටුපොළේ නව පර්යන්තයක් ඉදිකර එය පුද්ගලික අංශයට පැවරීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තාවේ.

ගුවන්තොටුපොළ සේවකයින් වාර්තා කරන පරිදි මේ වනවිට නව මගී පර්යන්තය ඉදිකිරීමේ කටයුතුවල මුල් අදියර සිදුවෙමින් තිබේ. මෙය ඉතා හදිසි කටයුත්තක් සේ සලකා සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂවරු දෙදෙනෙකුගේ සෘජු මැදිහත්වීම ඇති බවද සේවකයෝ සඳහන් කරති.

මීට පෙර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඇතුළු සංවර්ධන කටයුතු සඳහා ගුවන්තොටුපොල හා ගුවන්සේවා සමාගමට ජයිකා ආයතනයෙන් ණය මුදලක් ලැබී තිබෙන බවත් මේ නව පරියන්තයට එම මුදල් යෙදවීමේ අනතුරක් පවතින බවත් එසේ ගුවන් තොටුපොළ ණයට ලබාගත් මුදල් යොදවා මෙම නව පරියන්තය ඉදිකර එය පුද්ගලික අංශයට පැවරීමේ සූදානම් පවතින්නේ යැයි සැකයක් ගුවන් තොටුපොළ සේවකයින් අතර හටගෙන ඇති බවත් එම සේවකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

කටුනායක ගුවන් තොටුපළට ආදායම් හිමි කර දුන් ගුවන්තොටුපොළ ඉන්ධන පිරවුම්හල, ගුවන්තොටුපොළ රථවාහන නැවතුම්පොල ආදියද මේ වනවිට පුද්ගලික අංශය වෙත ලබාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More