පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ගොඩකවෙල පැවති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද (08) පස්වරුවේ රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
හිටපු ජනාධිපතිවරයා යුද්දය අවසන් කළා පමණක් නොව පශ්චාත් යුද සමයේ සංවර්ධනයක් ඇති කළ බවත් එම නිසා එවැනි නායකයෙකුට රට බාරදිය යුතු යැයි පවසන්නේ එම හේතුව නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සමස්ත රජයම අද සාකච්ඡා කරන්නේ රාජපක්ෂාට ජම්පර් අන්දන්නේ කෙසේද බවත් කුඩු සහ පාතාලය රජ කරනව නම් රටක් නිදහස තියෙන්නේ කෙසේදැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කළේය.
පොලිස්පතිවරයා නුවර පෙරහැරේ තමාගේ නිල ඇඳුමින් නර්ථනයේ යෙදීම පොලිස්පති තනතුරට කරන අපහාසක් හා දළදා පෙරහැරට කරන නිග්‍රහයක් බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...