උතුරු මුහුදේදී නාවික හමුදාවට එකවර හමු වූ විශාලතම කේරල ගංජා තොගය ව කිලෝ 284.05 ක ප්‍රමාණයක් කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ පාවෙමින් තිබියදී උතුරු මැද නාවික විධානයට අයත් නාවික යත්‍රාවකට හමුවී ඇත.
උතුරුමැද නාවික විධානයට අයත් මුර යාත්‍රා 3 ක් මගින් පසුගිය 07 වනදා රාත්‍රියේ කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී අදාල කේරල ගංජා තොගය පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.
අදාල කේරල ගංජා තොගය ඇසුරුම් 95 ක බහා තිබූ අතර ඉන්දියාවේ සිට අදාල කේරල ගංජා තොගය රැගෙන එන්නට ඇති බවටත් පසුව නාවික හමුදා යාත්‍රාවන් දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා තොගය මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කොට සිටියේය.
කෙසේ වෙතත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 30 ක් ඉක්මවන අතරම එම කේරල ගංජා තොගය නාවික හමුදාව විසින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය මුලංකාවිල් පොලීසියට භාර දී ඇති අතර පොලීසිය විසින් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...