මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුව ඇති කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් දික්ඕවිට සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය අපවිත්‍ර වී තිබේ.
මෙම තෙල් තට්ටුව ඉවත් කිරීම සඳහා නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 300 කට අධික පිරිසක් එක්ව සිටියි.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කළේ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා දින 3ක පමණ කාලයක් ගතවන බවයි.
කෙසේ වෙතත් මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නළයක සිදුවූ කාන්දුව මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසී ය.
මෙම නළය මඟින් රැගෙන යන්නේ දැවි තෙල් විශේෂයක් බැවින් වෙළදපොළේ ඉන්ධන හිඟයක් ඇති නොවන බව එම සංස්ථාව පෙන්වා දුන්නේය.
අදාළ තෙල් නළ ඉතා පැරණි බැවින් ඒවා යළි ප්‍රතිසංස්කරණය කිරීමට කාලය ගතවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසී ය.
තෙල් කාන්දුවෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ උස්වැටකෙයියාව සහ පමුණුගම වෙරළ තීරයටය.
ඒ හේතුවෙන් මුහුදු තීරයේ සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටියි.
මේ අතර ඉල්ලූම සහ සැපයුම අතර අසමබරතාව හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
බොර තෙල් බැරලයක මිල මේ වන විට සිව් වසරකින් ප්‍රථම වරට ඩොලර් 70 ඉක්මවා ඇති අතර, 2014 වසරේදී එය ඩොලර් 147 දක්වා ඉහළ ගියේය.
ගෝලීය දේශපාලන ප්‍රවනතා සහ ප්‍රධාන පෙළේ තෙල් නිෂ්පාදන රටවල් කිහිපයක නිෂ්පාදනය අඩාල වීම හේතුවෙන් තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
එම වීඩියෝව පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...