පුරවැසි කොලම

20ක් මොකටද…?
රනිල්ගේ ආණ්ඩුවේ සුපුරුදු හවුල්කාර ජ.වී.පෙ. 20නි සංශෝදනය නමින් විධායකය අහෝසි කිරීම මුඛ්‍ය ලෙස ගනිමින් නවතම ව්‍යවස්ථා සංශෝදනයක් ඊයේ කථානායකයට බාර දුන්නා. ඔවුන් ඊට පාදක කරගන්නා මුලික හේතු කිසිවක්, විධායකය අහෝසිය හරහා සාක්ෂාත් කරගන්නා ආකාරය ගැන කිසිම පැහැදිලි කිරීමකින් තොරව[1], ඒක කරාම මේක වෙනවා පන්නයේ ඔවුන්ගේ 71, 88, සහ 2015 පන්නයේ රටේ ඒකීය භාවයට, සහ ස්වයිරිත්වයට හානිකරන සුපුරුදු මග ගනිමින් 2018, 20නි සංශෝදනය ක්‍රියාත්මක වෙන බවයි මගේ අදහස.

මේ ලිපිය ඒ වෙනුවෙන් අදහස් දැක්වීමක් නොවුනට, ඉන්දීය රෝ සහ යුරෝපා බෙදුම්වාදී හවුලේ උවමනාවන් මේ පිටුපස ඉන්න බවට සැකයක් නැහැ. මොකද, 2015 ආණ්ඩු මාරුවේ නියම පල නෙලාගන්න අලුත් ව්‍යවස්ථාවක් හෝ අවමයෙන් 13 සම්පුර්ණයෙන් බලාත්මක කිරීමක් සිදුවිය යුතුමයි. ඊට ඇති නිසැක බාදාව, ඒවා ක්‍රියාත්මක කිරීමට සුදානම් වූනු හැම මොහොතකම රටේ විධායකය ඊට හරහට හිඳිම.

ඒ අනුව, ඒකීය ලංකාවක් වෙනුවෙන් මොහොතේ ඇති එකම ගැලවීම ලෙස විධායක තනතුර පත්වෙලා තියෙනවා. ඒ පුද්ගලයා මහින්දද, මයිත්‍රිද, Xද, Yද කියල අපිට අදාල නැහැ. ඔහු කවුරුන් හෝ ජනතා චන්දෙන් පත්වෙන කෙනෙක් විය යුතුයි. මේ විධායකය රැකගැනීම වෙනුවෙන් පෙනී ඉන්නේ, පුද්ගලයෙක්ට පුටුවක් රැකලා දෙන්න නෙමෙයි, ඒ පුටුවට පත්වෙන පුද්ගලයා කේන්ද්‍රකොටගෙන බලපවත්වන නයිතික බලය හරහා ඒකීයභාවය රැකගැනීම. සමහරවිට, දැනට බලයේ ඉන්න, මයිත්‍රිත් මේකට එකඟ වෙන්න පුළුවන්. එහෙම වුනොත්, අපිට මේ විධායකය රැකීමේ සටනේ මයිත්‍රී කියන්නෙත් ද්‍රෝහියෙක් බවට පත්වෙනවා.

ජාතිකත්වයේ “ලිට්මස් පරික්ෂණය”…
—————————————————-
ඒ කොහොම හරි, මේ වෙනුවෙන් ද්‍රෝහීන්ගේ ඇති එකමුතුව ගැන පුදුමයක් නැහැ, ඔවුන්ගේ නිසර්ග කාර්යභාරය සහ වගකීම වෙන්නෙම බෙදුම්වාදය ක්‍රියාත්මක කිරීම හෝ ඊට ඇති බාධා ඉවත් කිරීම. නාඳුනන සොල්දාදුවන් දසදහස් ගණනින් ජිවිත පුජා කර රැකගත්තු [2] මේ පුණ්‍ය භුමිය, ජිවිත පරිත්‍යාගයෙන් කැපවුණු ඔවුන් වෙනුවෙනුත්, අනාගත පරපුර වෙනුවෙනුත් රැකගැනීමේ වගකීම තියෙන්නේ ජාතිකවාදීන් අතේ.

කෙසේ නමුත්, ජාතිකත්වය කඳවුර තුලත් මිට ආශ්‍රිත බෙදීමක් නිර්මාණය කරමින් පවතිනවා. මේක ඉතාම සුක්ෂමයි. මගේ අදහස, එළියේ ඉන්න සතුරාට වඩා ඇතුලේ ඉන්න සතුරා වඩා හානිකරයි. මේ 20 වෙනුවෙන් ජාතිකත්ව කඳවුර පාවා දීමේ අපිට ජාතිකත්වයේ ලිට්මස් පරීක්ෂාවක් විදිහට යොදාගන්න ස්‌වර්ණමය අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මිට අදාලව පසුබිමේ සිදුවීම, මට බර්ටෝල් බ්‍රෙෂ්ටිගේ හුණු වටයේ කථාව මතක් කරනවා.

හුණුවටයේ කථාව…
—————————–
මයිකල් කුමාරය (රාජ්‍යය) හිමිකරගැනීම උදෙසා වූ ගෘෂා සේවිකාව (නිසර්ග ජාතිකවාදීන්) සහ නතාලියා බිසවගේ (ජාතිකවාදීන් ලෙස පෙනී හිඳින අවස්ථාවාදීන්) භූමිකාව වරණයට අවස්ථාව උදා වෙලා තියෙන්නේ තීක්ෂණ බුද්ධියකින් හෙබි අසඩක්ගේ විනිශ්චය (තීරක පොදු ජනයා) මත තීරණය වෙනවා. අසීරු අවස්ථාවේදී මයිකල් දාල පැදුරටත් නොකියා පැනල ගිය නතාලියා බිසවට අනාගත බල ලෝභය වෙනුවෙන් මයිකල් කුමරුගේ කෑල්ලක් කඩල හරි හිමිකරගැනීමේ චේතනාවෙන් ක්‍රියාත්මක වෙද්දී, වරදාන නොසොයන ස්නේහය සහ යහපත පමණක් මුඛ්‍ය කරගනිමින් ගෘෂා සේවිකාව මයිකල් කුමරු වෙනුවෙන් ඔහුට කිසිදු අනතුරක් නොවී රැකගැනීමේ මෙහෙයුමක ඉන්නවා.

ඉතින් දැන් අපිට කථාව පැහැදිලියි. ඉදිරියට දේශපාලන වේදිකාවේ දිගහැරෙන නාටකය තුල, තම තමන්ගේ අසඩක්ගේ භූමිකාව මත, මේක උපද්‍රවයකින් තොරව ඒකීය රටක් ලෙස රැකගන්නවාද, නතාලියා බිසවගේ ආසාවන් සන්තර්පණය කිරීම වෙනුවෙන් කෑලි වලට කඩනවද කියන එක තීරණය වෙනවා.

අස්වය ගියාට පස්සේ, ඉස්තාලය වහල වැඩක් නැහැ. අනේ අපොයි කියල ලතෝනි තිවුවට වැඩක් නැහැ. එය එසේ සිදුනොවීම, රට කිසිදු උපද්‍රවයකින් තොරව රැකලා අපිට බාරදුන්නු ජිවිත කැප කරපු නාදුනන සොල්දාදුවන්ගෙත්, උපනුපන් අනාගත පරපුර වෙනුවෙනුත් මොහොතේ අපේ හිස මත පැටවී ඇති වගකීමෙන් කර ඇරීමක් කියලයි මගේ විශ්වාසය.

[1] 20 ගේනවා කියන්නේ ඇයි…?

විධායකය අහෝසි කිරීම වෙනුවෙන් වූ ජ.වී.පෙ. යෝජනාව පිටු පස ඇති ඉන්දීය රෝ සහ යුරෝපය කේන්ද්‍ර කරගත් බෙදුම්වාදී උවමනාවන්…

Gepostet von सिरूवीर ठकिर्ल am Freitag, 25. Mai 2018

[2] නාදුනන සොල්දාදුවන් දිවි කැපකර උපද්‍රවයකින් තොරව අපිට උරුම කරදුන් මාතෘභූමිය

නාදුනන සොල්දාදුවාදිනය: 2009 මැයි 16 හෝ 17ට එළිවෙන ජාමයමේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල් කරපුවට අතර දුර…

Gepostet von सिरूवीर ठकिर्ल am Freitag, 18. Mai 2018

सिरूवीर ठकिर्ल



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More