දේශීය පුවත්

ජිනිවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ විශ්‍රාමික මේජර් ජනරාල් සරත් වීරසේකර මහතා 13 වැනි දින ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සමුළුව ජිනීවා නුවරදී 14 වන දින ආරම්භ වන අතර එය 23 දින දක්වා පැවැත්වේ.විදේශ රවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනාවක් මත මානව හිම්කම් සමුළුවට මොවුන් සහභාගී වන අතර එහිදී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රධාන සමුළුවට හා අතුරු කමිටුවලට කරුණු ඉදිරිපත් කරන බව ද මහාචාර්ය වරයා අද (10) පැවසීය.

ත්‍රස්තවාදීන් සිදුකළ යුද අපරාධ පිලිබඳව කරුණු දැක්වීමෙදි ත්‍රස්තවාදීන් සිදුකළ අමානුෂික අපරාධ පිළිබඳ සාක්ෂි සහිතව කරුණු ඉදරිපත් කරන අතර ශ්‍රී ලංකා හමුදාව මානුෂීය මෙහෙයුමේදී ද්‍රවිඩ වැසියන් බේරාගත් ආකාරය පිලිබඳව ද සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන බවද මහාචාර්යවරයා මෙහිදි වැඩි දුරටත් පැවසීය.

එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සිදුකරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් ඡයාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More