මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් කෘෘර වධහිංසනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (12දා) දින කැඳවා තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පෙරවරු 10.00ට එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අදාළ දැනුම්දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉකුත් සතියෙහි දිනක කොළඹ පදිංචි ඒ මහතාගේ නිවෙසට ගොස් ලිඛිතව දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
මෙම විමර්ශනයට අදාළව ඉකුත් අගෝස්තු මස 17 වැනි දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඒ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාමේ පිහිටි නිල නිවෙසට ගොසිනි.
එසේම මීට අදාළව කථානායක කරු ජයසූරිය මහතාගෙන්ද එම නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...