දේශීය පුවත්

ශ්‍රි ලංකන් එයා ලයින්ස් ගුවන් සේවය විවේචනය කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් ජනපතිවරයා මෙම අදහස් දැක්වූ අතර එහිදි විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට පලතුරු ගෙන්වීම ජනපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වුවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට පලතුරු ගෙන ඒමට අනුමැතිය ලබා නොදෙන ලෙසට නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළා.

“දැන් කවුද කජු ගේන්න, දොඩම් ගේන්න, බඩ ඉරිගු ගේන්න අවසර දෙන්නේ, අත්සන් කරන මහත්වරුත් මෙතන ඉන්නවා. ඒක නිසා එක එක මුදලාලිලාට ඕන විදියට, ජාවාරම්කාරයන්ට ඕන විදියට, දේශපාලඥයන්ට ඕන විදියට මේවා ගේන්න දෙන්න එපා. තමුන්නාන්සේලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අත්සන් නොකර හිටියානම් ඉවරනෙ පිට රටින් ගේන්න” යනුවෙන් ජනපතිවරයා නිළධාරීන්ගෙන් විදේශයන්ගෙන් පලතුරු ගෙන්වන්න එපායැයි කියමින් ඉල්ලීමක් කරනු ලැබුවා.

මෙහිදි ජනපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවය විවේචනය කරමින් ප්‍රකාශ කළේ “දැන් මම නේපාලයේ ඉදලා ශ්‍රී ලංකාවට ආවේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ. එහෙම එනකොට කජු පීරිසියක් ගෙනත් දුන්නා (ගුවන් යානයේදී). බල්ලෙකුට කන්න බෑ මිනිහෙකුට තියා. කවුද මේවා අනුමත කරන්නේ..” යනුවෙනි.

ජනපතිවරයාගේ එම ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබීම විශේෂයෙකි. එම පුවත ලොව ප්‍රකට බී.බී.සි මාධ්‍යයද ප්‍රචාරය කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More