තෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(10) සවස නවදිල්ලි නුවරට ළඟා විය.
එහිදී හිටපු ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා විසිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයට එක්වන්නේ ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකට අනුවය.
මෙම සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයින් හමුවීමට ද නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...