හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති ධුර අපේක්ෂක වීම තම පැතුම බවත් එයට හිටපු ජනපතිවරයාගෙන් නියත විවරණ ලැබීම ගැන සතුටුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20වන සංශෝධනයට අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සම ඊයේ(12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරුණේය.
පෙත්සම් විභාගය හෙට දිනය තෙක් කල් තැබුණු අතර පසුව මාධ්‍යවේදින් හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියාය.
එම අවස්ථාවේදි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...