වහල මත සවි කරන ගෘහස්ත සුර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක මුල්‍යමය ආධාර ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වැඩපිළිවෙල යටතේ වහල මත සවිකරන ගෘහස්ත සුර්ය බලාගාර ලක්‍ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිය.
අඩු අදායම් ලාභීන්ට මෙම වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දෙනු ලබන අතර අක්‍රමිකතා වැලක් වීම සඳහා ගෘහස්ත සුර්ය බලාගාරයේ උපරිම ධාරිතාව කිලෝ වොට් 50කට සීමා කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
– මාධ්‍ය අංශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...