ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කැඳවා තිබූ කැබිනට් මණ්ඩලයේ හදිසි විශේෂ රැස්වීම මේවන විට අවසන් වී තිබේ.
මෙම විශේෂ රැස්වීම අද දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අතර සියලුම අමාත්‍යවරුන්ට අද දහවල් පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ (12) පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබිණි.
මේ අතර එම විශේෂ රැස්වීමට සහභාගී වූ ඇමැතිවරුන්ද මාධ්‍යයට අදහස් දක්වා නොතිබිණි. මේ වනතෙක් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න හෙළි වී නොතිබිණි.
කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, නිමල් සිරිපාල සහ මනෝ ගනේෂන් මේවන විට නිල සංචාරයවල නිරත වේ.
සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) පෙරවරුවේ පැවැත්විණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...