ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද දූෂණ විරෝධී බලකාය නැමති සංවිධානය අනාවරණය කරයි.
ඒ සම්බන්ධයෙන් එම සංවිධානය ඊයේ (13) පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද දෙරණ සිදු කළ විමසිමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ දූෂණ විරෝධී බලකා සංවිධානය ඊයේ (12) සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බවයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සිදු කළ බව කියන දුරකථන සංවාද කිහිපයක් ඊයේ දූෂණ විරෝධී බලකාය නැමති සංවිධානය මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.
එහි දැක්වුනේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා දුරකථන සංවාදයේදී සඳහන් කරන්නේ අගමැතිවරයාට ලකුණු වැටෙන පරිදි සැලසුමක් සකස් කර අගමැතිවරයා උලුප්පා දක්වන ආකාරයෙන් කටයුතු කළයුතු බවයි.
දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හඳුනාගන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා හරහා බවයි.
2020 වසරේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බවත් බැරිම අවස්ථාවක් පැමිණිය හොත් පාතාල නායයෙකු හරහා කළ යුතු දෙයක් සිදුකළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව දූෂණ විරෝධී බලකාය ඊයේ සිදු කළ හෙළිදරව්ව පිළිබඳව අද ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පොලිස් කොමිසමට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව දුෂණ විරෝධී බලකා මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා තම ආරක්ෂාව වෙනුවෙන් කොළඹ කොටුවේ පිහිටි අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂක පොලිස් කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබීය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...