වෙල් විදානේ කෙනෙකු හෝ නොකරන වැඩ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙන ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතු බවද ඊයේ (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ අමාත්‍ය ධුරය ඉවත් කළ යුතු බවත්, සරත් ෆොන්සේකා මහතා විසින් යුද හමුදාපතිවරයා අපකීර්තියට පත්වන ආකාරයට ප්‍රකාශ සිදු කරන බවත් උපලේකම්වරයා පැවසීය.
පසුගියදා මාධ්‍යවේදින් විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී ෆොන්සේකා මහතා පවසා සිටියේ වත්මන් හමුදාපතිවරයා තට්ටේ ගාගෙන ‘ඉඩි අමීන්’ වගේ සිටින බවත් එවන් හමුදාපතිවරුන් ලෝකේ කොහේවත් තමන් දැක නැති බවයි.
වසර හතළිහක් හමුදාවේ සේවය කළ හමුදාපතිවරයෙකුට යුද්ධය තිබියදී රටේ තත්ත්වය තේරුම්ගත හැකි වූයේ නම් යුද්ධය නැති අවස්ථාවේ රටේ තත්ත්වය තේරුම් ගත නොහැකි යයි වත්මන් හමුදාපතිවරයා සිතන්නේ නම් ඔහු වල්ගය පාගාගෙන ඇතැයි ද ෆොන්සේකා මහතා එහිදී පවසා සිටියහ.
මේ අතර හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා, වත්මන් හමුදාපතිවරයා පිළිබඳ කළ ප‍්‍රකාශයට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (13) පැවති කැබිනට්සි මණ්යඩල රැස්වීමේදී සිය අප‍්‍රසාදය පළ කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...