එළඹෙන ජනාධිපතිවරණයේදී තම සහෝදරයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විරෝධය පළ කරයි.
ඔහු සඳහන් කරන්නේ පවුල්වාදය රටකට නොගැළපෙන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ පවුල්වාදය නිසා බවත්ය.
පවුලේ සාමාජිකයන්ට මුල් තැන දී තිබූ නිසා එවක රජයේ ඇමැතිවරු සියලු දෙනා තරහ වූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වූයේ ගිය රජයෙන් හිමිතැන නොදුන් නිසා බවත් මේ තත්ත්වය යටතේ ඉදිරියේදී තවත් සිරිසේන කෙනෙක් බිහි වේවි දැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
නෙත් ගුවන් විදුලිය සමඟ අදහස් පළ කරමින් වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...