දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවට රටට එල්ල වී ඇති චොදනා සම්බන්ධයෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත් වන බව ජනාධිපති මත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයින් සමඟ අද(14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීයි.

එළඹන 25 වනදා මෙම යොජනාවලි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට සමගාමීව මානව හිමිකම් පිළීබඳ නව මහ කොමසාරිස්වරිය ද පළමු වරට හමුවන බවත් ඇය ට ද ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ හිතවාදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ චෝදනා ඉදිරිපත් කරන බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්විමට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ පැවැති දුරස්තභාවය මඟහැර මිත්‍රශිලි භාවයක් ඇති කර ගැනීමට රජයට හැකි වු බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

රටේ ආරක්ෂක තත්ත්වය කිසිලෙසකින් දුර්වල වී නොමැති බවත් හමුදාව නිරන්තරයෙන් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර ලොකයේ තිබෙන ප්‍රවනතා සැලකිල්ලට ගනිමින් තෙල් මිල සුත්‍රයක් හඳුන් වා දුන්නද තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් ගැටලූ පවතින බැවින් එය තවදුරටත් පවත්වාගෙන යන්නේ ද සංශෝධනය කරන්නේ ද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය

එමෙන්ම සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සෙවිම සදහා පත් කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

ada derana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More