පුරවැසි කොලම

ජන බලය කොළඹට ඇදගෙන නෑමේ පරිමාව ඒකාබද්ධ විපක්‍ෂය සැප්තැම්බර් මස 5 වැනි දින කොළඹදී සංවිධානය කළ ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය අසාර්ථක විය. සංවිධායකයන්ට පැහැදිලි අරමුණක් තිබුණේ නැත. කොළඹට ජනතාව රැුස් කළ පසු කුමක් කරන්නේ දැයි සංවිධායකයන් මුහුණ දුන් ප‍්‍රධාන ප‍්‍රශ්නය විය. එජාප ප‍්‍රමුඛ රජය ඒකාබද්ධ විපක්‍ෂය සමග කොළඹදී ගැටුමක් ඇතිකර ගත්තේ නැත. රජයේ උපදෙස් මත පොලිසිය උද්ඝෝෂකයන් සමග ගැටීමක් ඇතිකර නොගැනීම ඒකාබද්ධ විපක්‍ෂයට අභියෝගයක් විය. ඇත්ත වශයෙන්ම දෙවරක් ජනපති කුරුණෑගල මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂහට කොළඹට රැුස් වූ ජනතාවට කීමට අලූත් යමක් තිබුණේ නැත. මිනිත්තු කිහිපයකට හිටපු ජනපතිවරයාගේ කථාව සීමා විය. කොළඹ වටලන බවට වහසි බස් දෙඩූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු සැප්තැම්බර් මස 5 මධ්‍යම රාත‍්‍රිය වන විට හෙම්බත් වී සිටියහ. හිටපු ජනපතිවරයා තම කෙටි කතාව පැවැත්වීමට රාත‍්‍රි 8 පසුවන තුරු සිටීම කිසිදු තත්ත්වයක් යටතේ සාධාරණීකරණය කළ නොහැක. මන්ත‍්‍රීවරු ඉටිපන්දම් දල්වාගෙන කළ විකාරය මාධ්‍ය සංදර්ශනයක් බව නොකියාම බැරිය. ඇත්ත වශයෙන්ම මුළු ‘ජනබලය කොළඹට’ මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් ම විය.

නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාගේ නායකත්වයෙන් තරුණ මන්ත‍්‍රී කණ්ඩායම සංවිධානය කළ ‘ජන බලය කොළඹට’ එදින රාත‍්‍රි 8 වන විට කඩාවැටුණ බව පැහැදිලිය. කොළඹ පැමිණි ජනතාව අතරමං වූ බව රහසක් නොවේ. මන්ත‍්‍රීවරු සුපිරි වාහන වල නැඟී පිටත්වූ අතර දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණි ජනතාව තමන් පැමිණි පෞද්ගලික බස් රථ සොයා ගැනීමට පිටත් විය. ජංගම දුරකථන භාවිතය සුලභ වීම හේතුවෙන් බස් සොයා ගැනීම පහසු විය. ජනතාවට එය යම් අස්වැසිල්ලක් විය. එජාප ප‍්‍රමුඛ ආණ්ඩුව හෙල්ලීමට කොළඹට ජනතාව රැුස් කළ පොදු විපක්‍ෂය සටනක් නොකරම පසුබැස ගිය බව පැහැදිලිය. වීදි සටන් කෙසේ වෙතත් පැයක් දෙකක් එක ස්ථානයක බිම ඉඳගෙන සිටීමට මහජන නියෝජිතයන්ට නොහැකි බව පැහැදිලි විය. එජාපයට සැප්තැම්බර් මස 5 දින නිතරගයෙන් ජය හිමිවිය. එය ජනපති සිරිසේනට ද මහත් අස්වැසිල්ලක් විය.

එජාපයට තාවකාලික සුවයක්

පෙබරවාරි 10 දින පළාත් පාලන ඡුන්දයෙන් පරාජය වූ එජාපය සහ ශ‍්‍රීලනිපය ‘ජනබලය කොළඹට’ අසාර්ථක වීම හේතුවෙන් තාවකාලික සුවයක් ලබන බව ද පැහැදිලිය. පොදු විපක්‍ෂය අනාගැනීම පිළිබඳව එජාපය සතුටුවීමේ වරදක් නැත. එලෙසම හිටපු ජනපතිවරයා අපහසුතාවට පත්වීම වර්තමාන ශ‍්‍රීලනිප නායකත්වයට සැනසීමකි. අවසානයේ ‘ජනබලය කොළඹට’ මෙහෙයුම අඩපණ කිරීමට යම් වස විසක් මිශ‍්‍ර කළ දියර කිරි පැකට් ජනබල උද්ඝෝෂකයන් අතර බෙදාහළ බවට එජාපයට චෝදනා එල්ල වී ඇත. ‘ජනබලය කොළඹට’ කඩාකප්පල් කිරීමට නව මෙහෙයුමක් දියත් කිරීමේ අවශ්‍යතාවක් එජාපයට තිබෙන්නට ඇත. නමුත් වස විස මිශ‍්‍ර කළ දියර කිරි ජනතාව අතර බෙදාහැරීමේ චෝදනාව මෙම ලියුම්කරු එජාපයට කරන්නේ නැත. සැප්තැම්බර් 5 දින මෙහෙයුමට පැය 48 පෙර උද්ඝෝෂකයන් කලබල කළහොත් ‘අවම බලය’ නොව ‘අවශ්‍ය බලය’ පාවිච්චි කරන බව අනතුරු හැඟවූ පොලිස්පති පූජිත ජයසුන්දර මෙම වස විස මිශ‍්‍ර කළ දියර කිරි බෙදාහැරීම පිළිබඳව ඇත්ත රටට හෙළි කළ යුතුය. වස විස මිශ‍්‍ර කළ දියර කිරි චෝදනාව ඒකාබද්ධ විපක්‍ෂයට අස්වැසිල්ලක් බව කිව යුතුය. සැප්තැම්බර් මස 5 දින කුරුමානම වැරදුන ඒකාබද්ධ විපක්‍ෂය දියර කිරි චෝදනාවේ ‘එල්ලී’ ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය කොළඹදී ‘අතරමං වීම’ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහට අනපේක්‍ෂිත වාසියක් අත්කර දුන් බව පැහැදිලිය. පොදු විපක්‍ෂයට කිසිදු අරමුණක් නොවීය. මොළය කළඳක් තිබූ එකෙකු සංවිධායකයන් අතර සිටියා නම් කොළඹට රැුගෙන ආ විශාල ජනතාවගෙන් කොටසක් එජාපය සිරිකොතේ තම 72 සංවත්සරය පසුදින (සැප්තැම්බර් 6* පවත්වන අවස්ථාව වනතුරුවත් තබා ගැනීමට කටයුතු කරන බව සැකයක් නැත. අවාසනාවකට උද්ඝෝෂකයන් 1000 පැය 72 කොළඹ රැුඳී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ඒකාබද්ධ විපක්‍ෂයට කල්පනාවක් නොවීය. උද්ඝෝෂකයන් කොළඹ රැුඳී සිටියේ නම් එජාපයේ 72 සංවත්සරය වෙනස් මුහුණුවරක් ගැනීමට තිබිණි.

සැප්තැම්බර් 5 ඒකාබද්ධ විපක්‍ෂය ලැබූ පසුබෑම අගමැතිවරයා තමන්ගේ වාසියට හරවා ගත් බව පැවසීය. පසුගිය අපේ‍්‍ර්ල් මස ඒකාබද්ධ විපක්‍ෂය අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය පරාජය කිරීමට එතුමාට තම පාර්ලිමේන්තු කණ්ඩායමේ යම් කොටසක් සමග නායකත්වය පිළිබඳව එකඟතාවකට ඒමට සිදුවිය. පෙබරවාරි 10 පළාත් පාලන ආයතන ඡුන්දයේදී අන්ත අසරණ වූ එජාප නායකත්වය ඒකාබද්ධ විපක්‍ෂයට පිංසිදු වන්නට නැවත හිස ඔසවාගෙන ඇති බව පෙනේ.

ඒකාබද්ධ විපක්‍ෂය පොට වරද්දා ගත් බව පෙනේ. පළාත් පාලන ඡුන්ද ජයග‍්‍රහණයෙන් පසු හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කරළියට පැමිණි අතර ඒකාබද්ධ විපක්‍ෂය/ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා 2019 ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව පෙන්නුම් කළේය. යහපාලන රජය සහ එහි කොටස්කරුවන් ගෝඨාභය රාජපක්‍ෂ දැඩි ප‍්‍රහාරයකට ලක් කළේය. එහි කිසිදු වරදක් නැත. රජය ඇත්ත වශයෙන්ම ගෝඨාභය ඉදිරියට ඒම පිළිබඳව භීතියට පත්විය. ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ඇමරිකාවට හැකි බව පැවසීය. 19 වැනි සංශෝධනය යටතේ ඇමරිකානු ද්විත්ව පුරවැසි භාවය හිමිවීම හේතුවෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්විය හැකි බව ද ප‍්‍රචාරය කෙරිණි. මාතර පාලටුව ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටු පක්‍ෂයේ පිළිගැනීමට ලක්වීමත් සමග එතුමා අභ්‍යන්තර ප‍්‍රහාරයකට ලක් වූ අතර ‘ජනබලය කොළඹට’ කරළියට ආවේය. ඒකාබද්ධ විපක්‍ෂයේ තරුණ මන්ත‍්‍රී කණ්ඩායම මෙම මෙහෙයුම සංවිධානය කිරීමට මූලික විය. තරුණ කණ්ඩායම අසාර්ථක වී ඇති බව පැහැදිලිය. තරුණ කණ්ඩායම පැහැදිලිව අපහසුතාවට ලක් වී ඇත. ‘ජනබලය කොළඹට’ මෙහෙයුම පිළිබඳව තරුණ කණ්ඩායමේ නොවන මන්ත‍්‍රීවරු කළ ප‍්‍රකාශ අද ඒකාබද්ධ විපක්‍ෂයට පාරා වළල්ලක් වී ඇත. කොළඹ අත්පත් කර ගන්නා බවත්, මාර්ගවල උයා පිහාගෙන කන බවත්, සංගීත සංදර්ශන පැවැත්වීමේ අවස්ථාව තිබෙන බවත් එජාප මන්ත‍්‍රීවරු මතක් කර දෙයි.

ඒකාබද්ධ විපක්‍ෂය තමන් විසින් ම කරගත් විපත්තියෙන් පසුව එජාප නායක තමන් 2030 වන තුරු පක්‍ෂ නායකත්වයේ සිටින බවට ප‍්‍රකාශ කර ඇත. එතුමා 2030 දී තරුණ නායකත්වයට ඉඩ සලසන විට අද තරුණ නායකයන් වසර 12 ට පසුව සිටිනා තත්ත්වය සිතා ගැනීම අවිනිශ්චිතය. එජාප නායකත්වය තාවකාලික සුවයක් ලබන බව පැහැදිලිය. යම්කිසි උප්පරවැට්ටියකින් ළඟ එන පළාත් සභා ඡුන්දය කල්දමා ගැනීමට බලයේ සිටින පාර්ශ්ව වලට නොහැකි වුවොත් ජනතාව ‘භූමියේ තත්ත්වය’ නැවතත් පෙන්නුම් කරන ආකාරයේ තීරණයක් ලබා දෙනු නිසැකය. ඇත්ත වශයෙන් ම එම ඡුන්දය ආණ්ඩු විරෝධය පෙන්නුම් කිරීමක් මිස ඒකාබද්ධ විපක්‍ෂය පිළිබඳව පැහැදීමකින් දෙන ඡුන්දයක් නොවන බව එම කණ්ඩායමේ නායකයන් මතක තබා ගත යුතුය.

පළාත් සභා අභියෝගය සහ ජනපතිවරණය

ජනබලය කොළඹට මෙහෙයුමට සමාන්තරව ඒකාබද්ධ විපක්‍ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙවරක් ජනපති මහින්ද රාජපක්‍ෂට තුන්වන වරටත් ජනපතිවරණයකට ඉදිරිපත් වීමේ කිසිදු බාධාවක් නැති බව ප‍්‍රකාශ කළ බව අද බොහෝ දෙනාට අමතක වී ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්‍ෂට බාධාවක් නොවන බවත්, දිස්ත‍්‍රික්ක අධිකරණයක් හරහා ලංකාවේ පුරවැසියකුට අදාළ සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ගත හැකි බව නීතිය පිළිබඳව මහාචාර්ය ජී. ඇල්. පීරිස් පැවැසීය. ‘ජනබලය කොළඹට’ සේම හිටපු ජනපතිවරයා නැවත 2019 ජනපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව ඇති කළ කථාව එජාපයට සැනසිල්ලක් විය. ගෝඨාභය රාජපක්‍ෂ ජනපති මහින්ද රාජපක්‍ෂ අගමැති සුපිරි කණ්ඩායමක් ලෙස හඳුන්වා ¥න් ප‍්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ දිනේෂ් ගුණවර්ධන එළැඹෙන ජනපතිවරණයේදී වඩාත් සුදුසු අපේක්‍ෂකයා නොවේ දැයි ප‍්‍රශ්න කළේය. ජවිපේ ජනපති බලය නැති කර දැමීමට 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළේය. ආචාර්ය ජයතිලක මොස්කව් හි ශ‍්‍රී ලංකා තානාපති ලෙස පත්වීම ලැබීය. මෛත‍්‍රිපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ බලයට ගෙන ඒමට කටයුතු කළ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් කළ ප‍්‍රබල විරෝධය නොතකා ජයතිලක පත්වීම ලැබිය.

ජවිපෙ 20 වැනි සංශෝධන මෙහෙයුම සාර්ථක වීම මත ජනපති තේරීමේ ක‍්‍රමය වෙනස් වනු ඇත. ජනතා ඡුන්දයෙන් මේතාක් කල් පත් වූ ජනපතිවරයා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 225 හරහා තේරී පත්වනු ඇත. ජනපතිවරයා බලරහිත වන අතර අගමැතිවරයා අතට බලය මාරු වනු ඇත. 20 සංශෝධනය එජාපයට මෙන්ම ‘ජනබලය කොළඹට’ ගෙන ඒමට මූලික වූ කණ්ඩායමේ හදවතට සමීප බව පෙනේ.

දේශපාලන පක්‍ෂ මුළුරටම පොර පිටියක් කර ඇත. රටම අකර්මණ්‍ය කර ඇත. තෙල් මිල වැඩිවන ආකාරයට වැඩිකල් නොගොස් ජන සමාජය නවතිනු ඇත. ‘ජනබලය කොළඹට’ තම පෞද්ගලික මුදලින් ගෙන ආ ඒකාබද්ධ විපක්‍ෂය මුළු රටම අකර්මණ්‍ය කරන යහපාලන මෙහෙයුමට ඉඩ සලසා දී ඇත. එජාපයෙන් තේරී පත් වූ මන්ත‍්‍රීන් 60 කට ආසන්න ගණනකට ලැබෙන රුපියල් 200,000 අමතරව දීමනාව හැර අනෙකුත් වරප‍්‍රසාද ඒ සියලූම ජනතා නියෝජිතයන්ට ලැබේ. වැඩිකල් නොගොස් සියලූ මහජන නියෝජිතයන්ට වස මුසු කළ දියර කිරි බීමට දීමට අවස්ථාවක් ලැබුණොත් ඡුන්දය දෙන ජනතාව ඒ අවස්ථාව ගනු ඇත.

ජනබලය කොළඹට අසාර්ථක වීම සමග ඒකාබද්ධ විපක්‍ෂයේ නායක මහින්ද රාජපක්‍ෂ හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. ඇල් පීරිස් සමග නවදිල්ලියට පිටත් විය. අගමැති වියට්නාමය බලා පිටත් විය. කථානායක කරු ජයසූරිය ඒකාබද්ධ විපක්‍ෂය නොමැති පාර්ලිමේන්තු කණ්ඩායමක් සමඟ ඉන්දියාවට පිටත් විය. එම කණ්ඩායමේ සාමාජික ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ඉන්දීය අගමැති මෝදිගෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තදින් බලපෑම් කිරීමට ඉල්ලීමක් කළ බව පසුගිය සතියේ මාධය පළ කළ තිබිණි. ජනපති සිරිසේන සැප්තැම්බර් 25 දින එක්සත් ජාතීන්ගේ සැසිවාරය ආමන්ත‍්‍රණය කිරීමට සැරසේ. රුපියල අවප‍්‍රමාණය වන වේගය අනුව මෙවැනි විදේශ සංචාරවල යෙදීමට අප නායකයන්ට අයිතියක් තිබේදැයි ජනතාවට හිතෙනු ඇත. පාර්ලිමේන්තු සැසිවාර මගහරින මන්ත‍්‍රීවරු විදේශ සංචාරවල යෙදීම සාමාන්‍ය තත්ත්වයකි. උසාවියෙන් කැඳවීම් ලැබූ මහජන නියෝජිතයෝ කවදා පාර්ලිමේන්තු නොගියත් අදාළ උසාවියෙන් කැඳවීම් ලැබූ දින අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වනු ඇත. සැප්තැම්බර් මස 5 විකාරයෙන් පසුදින පාර්ලිමේන්තුව ගණපූර්ණය නැතිව පසුදිනට කල් තැබීය. ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම පෙරදින ‘වික‍්‍රමයෙන්’ පසුදින විවේක සුවය ලැබූ අතර, බොහෝ එජාප මන්ත‍්‍රීවරු සිරිකොතේ පැවැති 72 වැනි සංවත්සරයට සහභාගි විය. සිරිකොතට රැුස් වූ බොහෝ මන්ත‍්‍රීවරුන්හට එජාප නායක වික‍්‍රමසිංහ තම අනාගත සැලසුම හෙළි කිරීම පුදුමයක් විය. 2015 මාස 60 තුළ රට සංවර්ධනය කිරීමට පැමිණි එජාපය පසුව එම සැලසුම 2025 දක්වා කල් දැමීය. දැන් 2030 නායකත්වය වෙනසක් ගැන කතා කිරීම බොහෝ මන්ත‍්‍රීවරුන්ට අතුල් ප‍්‍රහාරයක් එල්ල කිරීමක් බව පැහැදිලිය.

සියලූ දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් තම තමන්ගේ පෞද්ගලික මෙහෙයුම්වල යෙදී සිටිති. නායක තනතුරුවලට කෙළ හලති. නමුත් නායකකම් ලබාගෙන රට වැටී ඇති අගාධයෙන් මුදාලීමට කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට උත්සුක නොවෙති. පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු වර්තමාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන උපදෙස් මත ක‍්‍රියාකිරීමේ අනුවණකම පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුව මෙම තත්ත්වය මේතාක් කල් තේරුම් නොගැනීම අප රටේ අවාසනාවකි.

ශ‍්‍රී ලංකාව ලෝකයටම විහිළු සපයන තත්ත්වයකට පත් කර ඇත. නිසි කලට ඡුන්ද නොපැවැත්වෙන රටේ ඡුන්ද අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ජාතික මැතිවරණ කොමිසම සහ ඡුන්ද නිරීක්‍ෂණ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෑතකදී පැවැත්වීම පුදුමයකි. දින දෙකක කොළඹ තරු පහේ හෝටලයක පැවැත්වූ මෙම සාකච්ඡුාව මුදල් නාස්තියකි. අප රටට ලැබෙන දෙයක් නැත. කිසිදු හරයක් නැති කතා පවත්වා දේශපාලකයෝ අතුරුදන් වෙති. රට අයාලේ යති. මහ බැංකුව කොල්ල කෑ කණ්ඩායම යහතින් සිටිති. අර්ජුන මහේන්ද්‍රන් දැනට සිංගප්පූරුවේ ජීවත් වෙති. මෑතකදී අධිකරණ ඇමැති තලතා අතුකෝරළ සිංගප්පූරුවේ අධිකරණ පද්ධතිය පිළිබඳ සොයා බැලීමට එම රටට යෑම හාස්‍යයකි.

පාර්ලිමේන්තු ක‍්‍රමය අසමත් වන මාර්තු 12 ව්‍යාපාරය පවසයි. පසුගියදා මරදානේ පැවැති පුවත්පත් සාකච්ඡුාවකදී එම සංවිධානයේ නියෝජිතයන් පැවසුවේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ක‍්‍රමවේදයන් මහත් අර්බුදයකට ලක් වී ඇති බවය. පාර්ලිමේන්තු ක‍්‍රමයේ ¥ෂිත බවද සඳහන් වුණි. එවැනි තත්ත්වයන් තුළ පාර්ලිමේන්තුව හරහා ජනපතිවරයා තෝරාගැනීම රටට හිතකරද?

මෙම ලියුම්කරු එම ප‍්‍රශ්නය මාර්තු 12 කැඳවුම්කරු වන රෝහණ හෙට්ටිආරච්චි වෙතම යොමු කළ අතර එයට පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැත. ජවිපෙ ඉදිරිපත් කරන 20 වන සංශෝධනය පූර්ණව සලකා බැලිය යුතු බව ඔහු පැවසීය.

‘ජනබලය කොළඹට’ අවසන් වී ඇත. ඒකාබද්ධ විපක්‍ෂය ‘ජනබලය නුවරට’ ගෙන යන බව ඉඟි කර ඇත. නමුත් ජනබලය නිසියාකාරව නිසි තැනකට එක්වන දිනයක පවතින පාර්ලිමේන්තු ක‍්‍රමය උඩුයටිකරු වනු ඇත.

ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More