ඉදිරි දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 19 වැනිදා රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වෙයි.
පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ, සංවත්සර උළෙල පැවැත්වීම, නව සංවිධායකයන් පත්කිරීම හා වත්මන් දේශපාලන තත්ත්වය ආදී කාරණා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවැසීය.
නිල කාලය අවසන් වන පළාත් සභාවල මැතිවරණය පැවැත්වීම හා ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...