අධිරාජ්‍යවාදීන්ට එරෙහිව උෟව වෙල්ලස්සෙන් ආරම්භ කළ සටනට වසර 200ක් පිරෙන මොහොතේ නැවතත් උෟව වෙල්ලස්ස බින්තැන්නේ පාරම්පරික ගොවි ජනතාවගේ ඉඩම් අධිරාජ්‍යවාදී සමාගමක් වූ සිංගප්පූරු සමාගමකට ලබා නොදෙන ලෙස ඉල්ලා පෙරේදා (15දා) රිදීමාලියද්ද දෙහිගම හේන්යායේදී එම ජනතාවගේ ලෙයින් පෙත්සමක් අස්සන් කළහ.
උෟව වෙල්ලස්ස ජන අයිතීන් සුරකීමේ පෙරමුණ මඟින් සංවිධානය කර තිබූ මෙම පෙත්සම අස්සන් කිරීම සඳහා පැමිණ සිටි පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන්පාඨ කියමින් පැයකට අධික කාලයක් විරෝධතා දැක්වීමෙන් අනතුරුව වසර සිය ගණන් පාරම්පරිකව තමන් භූක්ති විඳි ඉඩම් උක් වගා කිරීම සඳහා විදේශීය සමාගමකට ලබාදී වෙල්ලස්ස ගොවි ජනතාව කොමිපැනිකාරයන්ගේ කුලීකාරයන් බවට පත් කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් මාපටැඟිල්ල සිදුරුකරගත් ජනතාව එම ලෙයින් පෙත්සම අස්සන් කළහ. මේ සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු උෟව වෙල්ලස්ස ජන අයිතීන් සුරකීමේ පෙරමුණේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ උෟව පළාත් සහා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න, ජ.වි.පෙ. උෟ පළාත් මන්ත්‍රි ආර්.එම්. ජයවර්ධන, රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ජේ.එම්.
නිශාන්ත ජයසුන්දර, (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) මහතා ඇතුළු ප්‍රාදේශීය දේපාලනඥයන් සහ පදියතලාව, මහඔය, මහියංගණය, ඇකිරියන්කුඹුර, කෙහෙල්උල්ල ආදී ගම්මාන රැසක ජනතාව පැමිණ සිටියහ.
මෙම අවස්ථාවට එක්ව සිටි උෟව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කාර උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා මෙසේ කීය. “ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පෑන් පහරින් අස්සන් කරන්න හදනවා. අපි ඒකට විරෝධය පළ කරන්නේ ලේ පහරින් අස්සන් කරලා. ජනතා මතයට පිටුපා මේ භූමියේ උක් කම්හලක් ඉදිකරන්න සූදානම් නම් ඒක කරන්න වෙන්නේ අපේ මළකඳන් මතින්. භික්ෂුන් වහන්සේ කහ සිවුරට ගිනි තියාගන්න හදනවා. මුතුන් මිත්තන් ලේ හලා රැකගත් මේ බිම මත ඉඳන් ඒ භූමිය රැකගන්න ලේවලින් අස්සන් කරන්න සිද්ධ වෙලා.”
මේ අවස්ථාවට හෝලිකේ රජමහා විහාරාධිපති මූදියල ධම්මජෝති, ඇකිරියන්කුඹුර දංකුඹුර විහාරාධිපති පදියෙදාර ධම්මසාර හිමිවරු සහ රිදීමාලියද්ද, පදියතලාව, මහියංගණ ප්‍රාදේශීය සභාවල විපක්ෂ හා පක්ෂ මන්ත්‍රිවරු කිහිප දෙනෙක් හිටපු පළාත් සභා මන්ත්‍රි සුදත් බලගල්ල ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු සහභාගි වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...