හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත ‘නව තාක්ෂණ නගර ව්‍යාපෘතිය’ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්පෙ රේදා (15දා) හෝමාගම, පිටිපන, දෙල්ගහවත්ත ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදී ඇමැතිවරයාට ‘හූ’ කියමින් විරෝධය පළ කිරීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
එදින උදෑසන නවයයි තිහට පමණ ‘නව තාක්ෂණ නගර ව්‍යාපෘතිය’ පිළිබඳව අමාත්‍ය චම්පික රණවක මහතා අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්න ඇසීමේ වාරය උදා වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ සිටි ජනතාව සහ අමාත්‍යවරයා අතර දැඩි උණුසුම් වාග් සටනක් ඇති වූ අතර එක් අවස්ථාවකදී ප්‍රශ්න අසමින් සිටි පුද්ගලයකුට ප්‍රශ්න ඇසීම නවතා දමන ලෙස අමාත්‍යවරයා දැඩිව පැවැසූ අවස්ථාවේදී එහි රැස්ව සිටි ජනතාව ‘හූ’ කියමින් අමාත්‍යවරයාට තම විරෝධය පළ කළහ.
මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ විශාල ඉඩම් පහක් පමණක් ලබා ගන්නා බවත්, කොරියානු රජය මඟින් නොමිලයේ සකස් කරදුන් සැලසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකොට ප්‍රායෝගිකව කළ හැකි කොටස් පමණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ජනතාව පදිංචි කිසිදු ඉඩමක් මෙහිදී ලබා නොගන්නා බවත්, අමාත්‍යවරයා පැවැසුවද එහි පැමිණ සිටි ජනතාව එය පිළිගැනීමට අකැමැත්ත ප්‍රකාශ කළ අතර වහාම මෙම ව්‍යාපෘතිය අකුළා ගන්නා ලෙසද ජනතාව ඉල්ලා සිටියහ.
පසුව මෙම මස 19 වැනි දින අදාළ පවරා ගැනීමට නියමිත ඉඩම් හිමියන් සමඟ සාකච්ඡාවක් පවත්වන බව පවසා අමාත්‍යවරයා අදාළ ස්ථානයෙන් පිටව යන මොහොතේ එහි සිටි ජනතාව කෑකෝ ගසමින් යළිත් වරක් තම විරෝධය අමාත්‍යවරයාට මෙහිදී පළ කරන ආකාරයද දක්නට ලැබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...