කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ(මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ.
වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටබුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැණුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.
මේ නටබුන් සහිත ස්ථානය ඩෝසර් කරණ අවස්ථාවට ශ්‍රී ධරන් මන්ත්‍රීවරයාද පැමිණ ඇති අතර එම නටබුන් ඉවත් කරණ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ ”සිංහල යුද ඉතිහාසය ඉවරයි” යනුවෙන් බව දෙමළ මාධ්‍ය වාර්තා සදහන් කොට තිබේ.
කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කිළිනොච්චිය නගර මධ්‍යයේම වන අතර එම ඉපැරණි නටබුන් වලින් නගරයේ කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට කිසිදු බාධාවක් එල්ල වී නොතිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...