දේශීය පුවත්

ඉන්දියාව විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ගෙලට මල්මාලා දැමීම ගැන ප්‍රශ්නයක් නැති නමුත් ජාතියේ ගෙදරට වදමල් මාලා දැමීමට එකඟ නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මේ බව කියා සිටියේ කොටුව අධිකරණය හමුවේ නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

‘මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනාවක් ලැබුනත් ඒ ආරාධනාව අනුව එතුමා ගියේ. එතුමාට බොහොම හොඳ පිළිගැනීමක් ලැබුන බව තමයි වාර්තා වෙන්නේ.

එතුමාගේ ගෙලට මල් මාලා දැම්මට අපේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ජාතියේ ගෙලට වද මල් මාලය දානවා නම් අපි ඒකට එකඟ වෙන්නෙ නෑ’ යයිද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

ඉන්දීය සංචාරයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට ලත් ඉහල පිලිගැනීම ගැන මාධ්‍ය විසින් කල විමසීමේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කළේය.

'

'' ඉන්දියාව මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙලට මල්මාලා දැම්මාට අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ජාතියේ ගෙලට වදමල් මාලා දමනවා නම් ඊට අපි ඉඩ දෙන්නේ නැහැ''- විමල් අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ සිට කළ අපූරු කතාව2018-09-17

Gepostet von Wimal weerawansa am Montag, 17. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More