පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණෙන් ජවිපෙ ගෙනා විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අපි ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කළ විභාගය ඊයේ දිනයේ දී අවසන් වුණා. ජවිපෙ රටට කිව්වේ විස්ස පිළිබඳ ජනමත විමසුමකට මුහුණ දෙන්න ලැහැස්තියි කියලා. නමුත් ජවිපෙ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම් මහතා විස්ස සඳහා ජනමත විමසුමක් අවශ්‍ය නෑ කියලායි තර්ක කලේ. විසි වන සංශෝධනය සම්මත කරන්න ජනමත විමසුමක් අවශ්‍ය බව පෙත්සම්කරුවන්ගේ නීතිඥයින් වගේම නීතිපතිත් කිව්වා. නමුත් ජවිපෙ තමයි ඒකට විරුද්ධ වුණේ.
තමන් කරන්නේ හරි දේ බව ජවිපෙ දන්නවා නම් ජනතාව ඉදිරියට යන්න මෙතරම් බියක් දක්වන්නේ ඇයි? ජවිපෙ හරි දේ කරනවා නම් ජනතාව ඉහලින්ම අනුමත කරාවිනෙ. නමුත් විස්ස ගෙනැවිත් රට බෙදන පාප කර්මයට තමන් අත ගහලා තිබෙන්නේ කියන එක ජවිපෙ දන්නවා. ඒ නිසා තමයි ජනතාව ඉදිරියට යන්න ජවිපෙ බිය වන්නේ.
විස්ස රකින්න උසාවියට ආවේ කවුද? ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන්, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න වගේම නීතිඥ සුරේන් ප්‍රනාන්දු. මේ අයම තමයි විස්ස ඕනෑ කියන ජවිපෙ සම්මන්ත්‍රණ අමතන්න යන්නෙත්. මේ අය කවුද? රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාවේ නිර්මාතෘවරු. ඉතිහාසය පුරා පෙඩරල්වාදය වෙනුවෙන් පෙනී සිටි අය. සමහරු නම් දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි අය. “හානා හීය පානා අඬහැරෙන් දැනේ“ කිව්වා වගේ මේ අය එකතු වීමෙන් විස්සේ ඇති භයානක කම පේනවා.
ජවිපෙ මේ පාප කර්මයට අත ගහලා තිබෙන්නේ ජනපතිවරණයට තිබෙන බය නිසා. ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමයට වෛර කරන්නේ සිය දේශපාලන ඉදිරි ගමනට ඇති දැවැන්තම බාධාව ඒක නිසා. අනෙකුත් මැතිවරණ මෙන් නොව ජනපතිවරණය කියන්නේ ප්‍රධාන පක්ෂ දෙක අතර තරගයක්. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවැති පළමු ජනපතිවරණයට ජවිපෙ ඉදිරිපත් වුණේ ඡන්ද දශ ලක්ෂයක ඉලක්කයක් සමගයි. නමුත් ජවිපෙට ලැබුණේ ඡන්ද 273,428ක් පමණයි. අපේක්ෂා භංගත්වය පත් ජවිපෙ 1988 ජනපතිවරණය වර්ජනය කළා. ජවිපෙ නැවතත් 1999 දී ජනපතිවරණයට ඉදිරිපත් වුණා. එවර ජවිපෙට ලැබුණේ 344,173ක් හෙවත් 4%ක් පමණයි. ඒ ජවිපෙ ජනපතිවරණයක දී ලැබූ ඉහළම ඡන්ද ගණන සහ ප්‍රතිශතයයි.
ජවිපෙ පුංචි ඡන්දයක දී සැලකිය යුතු ඡන්දයක් ලබා ගන්නවා. පළාත් සභා මැතිවරණයේ දී ඒක තවදුරටත් වර්ධනය කර ගන්නවා. ජවිපෙ දැන් මහත් ආශාවෙන් බලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිය ඡන්ද තව දුරටත් වර්ධනය කර ගෙන පාර්ලිමේන්තුවේ දුරස්ථ පාලකය අතට ගැනීමටයි. නමුත් පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ අතරට ජනපතිවරණය එනවා. එය ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් අතර තරගයක් නිසා ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළොත් ලැබෙන්නේ පළාත් සභා ඡන්දයේ දී ලැබූ ඡන්දයෙන් භාගයයි. ඒ නිසා ජවිපෙ විසින් 1994, 2005, 2010 සහ 2015 දී ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුට සහය දැක්වුවා. ජනපතිවරණයේ දී සිය ඡන්ද කුට්ටිය ප්‍රධාන පක්ෂයකට පූජා කළොත් ඒ සමගම එන පාර්ලිමේන්තු මැතිවරණයේ දී නැවත එම ඡන්ද තමන් වෙත ආකර්ෂණය කර ගැනීම දුෂ්කර බව ජවිපෙට දැන් අවබෝධ වෙලා තිබෙනවා.
ජවිපෙට දැන් විකල්ප ඉතිරි වෙලා නෑ. අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම, ජනපතිවරණය වර්ජනය කිරීම සහ ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුට සහය දැක්වීම යන සෑම විකල්පයක්ම ජවිපෙ දැන් අත්හදා බලා අසාර්ථක වෙලා තිබෙන්නේ. ජවිපෙට දැන් ඉතිරි වී ඇත්තේ තමන්ට හිසරදයක් වී ඇති ජනපතිවරණය අහෝසි කර ගැනීම පමණයි.
– අරවින්ද අතුකෝරල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...