කිසියම් පිරිසක් තමන්ට මරණීය තර්ජන කළ බවට වෙබ් මාධ්‍යවේදීයෙකු වන නුවන් නිරෝධ අල්විස් පවසයි. මෙම පිරිස අමාත්‍ය ජෝන් අමරතුංග, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ති්රවරියගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම්ද අවභාවිත කරමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී කිසියම් පිරිසක් තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
“හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මාධ්‍ය ලේකම් කියලා කෙනෙක් මට කතා කළා 16 වැනිදා උදේ. එයා කිව්වේ මම කරන වෙබ් සයිට්වලට මන්ත්‍රිතුමියගේ නිව්ස් ටිකක් දාගන්න ඕනේ..ඊට අමතරව තවත් ගොසිප් වෙඩ් අඩවියක නමක් කියලා ඇහුවා ඒක කරන කෙනාගෙ නම දන්නවාද කියලා. මම කිව්වා කරන කෙනාව මම දන්නවා..මොකක්ද වෙන්න ඕනේ කියලා. ඒ කට්ටියව හමු වෙන්න ඕනේ කිව්වා.. පස්සේ මම කතා කරලා.. කොළඹ හෝටලයකදී අපි හමු වුණා.”
කෙසේ වෙතත් පසුව කළ සොයා බැලීමකදී සිදුවීම සම්බන්ධයෙන් ජොන් අමරතුංග, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ පොලිස්පතිවරයා මෙම සිදුවීමට සම්බන්ධයක් නොමැති බව හෙළි වූ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
https://www.facebook.com/nuwan.nirodha/videos/10156697490838501/?t=0
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...