ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වනතුරු එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම වර්ජනය කිරීමට 15 දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබෙන බවත් ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභා රැස්වීමට 15 දෙනාගේ කණ්ඩායමේ කිසිවකු සහභාගි නොවන බවත් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණෙන ලෙස 15 දෙනාගේ කණ්ඩායමට ආරාධනා කෙරුණු බවත් ඊට සහභාගි නොවන බව 15 දෙනාගේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලිඛිතව දන්වා යැවූ බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙයි.
එම දැනුම් දීමෙන් අනතුරුව පසුගිය 18දා යළි 15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ගේ ජංගම දුරකථන වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණෙන ලෙසට කෙටි පණිවුඩ ලැබී තිබෙන බවත් ප්‍රකාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවන මහතා කියා සිටින්නේ 15 දෙනාගෙන් කිසිවකුත් මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි නොවන බවයි.
එක්සත් ජාතික පක්ෂය සමඟ ගෙනයන මෙම හවුල් ආණ්ඩුවෙන් වහාම ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් නිර්මාණය කිරීම රටේ අවශ්‍යතාව නිසා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...