පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ පිළිබඳ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා – ඒක කොහොමටවත් වෙන්නේ නැහැ.පලාලි ගුවන් තොටුපළ දෙන්නේ නැහැ. වැරදි ප්‍රචාර ගෙනයන්න එපා . අපි ඒ ගුවන් තොටුපළ සංවර්ධනය කරනවා.
විමල් වීරවංශ මහතා – ඒක වුනොත් ඔබතුමා ඇමැතිකමින් ඉවත් වෙනවද ?
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා – ඒක වුණාම බලමු
lankadipa
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...