දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලිපියක් ලියමින් උන්වහන්සේලා වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට එල්ලවී තිබෙන තර්ජනය වළක්වා ගැනීමට අපේ ධර්ම විනයධර ශාසන මාමක භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව දැනුවත් කරමින්ද ත්‍රෛනිකායික වශයෙන්ද විවිධ අවස්ථාවල කටයුතු කරති.

නමුත් විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය තිබුණත් ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති බෞද්ධයෝ මිත්‍යා මතවාද පිළිගෙන මුලාවට පත්වෙති.

මෙම තත්ත්වය නිසා මල්වතු අස්ගිරි උභය මහා විහාර කාරක සංඝ සභික නායක ස්ථවිරපාදයන් වහන්සේලා විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් පිරිවෙන්පති නායක ස්ථවිරපාදයන් වහන්සේලා සහ ධර්මධර භික්ෂූන් වහන්සේලා පහත කරුණු කෙරෙහි අපේ මහා සංඝයා වහන්සේලාගේ රජයේ සහ බෞද්ධ ජනතාවගේ අවධානය යොමු කිරීමටද ඒ අනුව කටයුතු කරන ලෙසද ඉල්ලා සිටින ලදී.

එම කරුණු පහත පරිදි වේ.

01 ථේරවාදී පාලි ත්‍රිපිටක ග්‍රන්ත්‍ර, අට්ඨකථා ටිකාවන් හි අර්ථ විකෘති වන පරිදි ඒවායෙහි පෙල වෙනස් නොකල යුතුය. දේශනා මගින් හෝ ලිඛිත ධර්ම කරුණුවලට හා වචන වලට අර්ථ හා විවරණ සැපයීමේදී ්ප්‍රදායික හා සම්මත ව්‍යාකරණ නිරුක්ති ක්‍රමය භාවිත කළ යුතුය. ශ්‍රී සද්ධර්මය පිළිබඳව මූලික හා ගැඹුරු සිද්ධාන්ත විග්‍රහ කිරීම්දී ඒවා හෑල්ලුවට ලක් කෙරෙන හාස්‍යෝත්පාදක වූද ග්‍රාම්‍ය වු ද අර්ථශුන්‍ය වුද වචන භාවිතයෙන් වැළකිය යුතුය.

02 ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථය ද සයිමන් හේවාවිතාරණ අරමුදල මගින් ප්‍රකාශිත කතා සහ ටීකා ග්‍රන්ථ බ්‍රිතාන්‍යයේ පාලි ග්‍රන්ථ සමාගම් විසින් මුද්‍රිත ත්‍රිපිටක ග්‍රන්ථ ධර්ම දේශනාවලදී හා ධර්මය හැදෑරීමේදී මූලාශ්‍ර ග්‍රන්ථ වශයෙන් පිළිගෙන භාවිතා කළ යුතුය.

03 ධර්ම විරෝධී ක්‍රියාකලාපය නිසා භික්ෂු භාවයෙන් නෙරපු මීවනපලානේ ධම්මාලංකාර හෙවත් පන්සල්හේනේ ධම්මාලංකාර නැමැති භික්ෂූ වේශධාරී තැනැත්තා විසින් ද වහරක අභයරකනාලංකාර නැමැති භික්ෂුවගේ අනුගාමිකයන් විසින් ද මාධ්‍ය භාවිතා කරමින් පතුරුවනු ලබන මත වාද හා අරුත් විවරණ බුදුදහමට පටහැනි බැවින් ඒවාට මුලා නොවී ගිහි පැවිදි සියලු දෙනාම සත්‍ය ධර්මයෙහි පිහිටා ක්‍රියා කළ යුතුය.

04 ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පවතින කිසිදු රටක උප උපසම්පදා ශීලයෙහි පිහිටි භික්ෂුණීන් හෝ එයට සමාන වෙනත් නාමයකින් හැඳින්වෙන කාන්තා පැවිදි පිරිසක් දැනට දක්නට නො නොමැති නිසාත් ථේරවාදී ධර්ම විනයට අනුව කාන්තාවන් පැවිදි වීමට හැකියාවක් ද නො නොමැති නිසාත් එයට හේතු කාරණා ධර්ම විනයධර භික්ෂූන් වහන්සේලා නිරතුරුව පැහැදිලි කර දී තිබෙන නිසාත් අඞන කාන්තාවන් උදෙසා භික්ෂුණී නාමය නීතියානුකූල ලේඛනයන්හි භාවිතා කිරීම ශ්‍රී ලංකා රජය හා අනුබද්ධ ආයතන විසින් නොකළ යුතුය.

05 ශ්‍රී ලංකා රජය අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ රාජ්‍ය වස්තුවක් ලෙස ප්‍රකාශයටයට පත්කොට ඒවා සුරක්ෂිත කිරීමට රජය විසින් වහාම නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතුය.

06 බෞද්ධ ජනතාව අතර අසමගිය වාද භේද හා ගැටුම්කාරී අහිතකර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට දේශය අස්ථාවර කිරීමේ බලවේගය මේ තුළින් ක්‍රියාත්මක වන බව ද පෙනී යයි. එමනිසා අධර්මවාදී ගිහියන්ට හා සිවුරු පොරවා ගත් පුද්ගලයන්ට විහාරස්ථානවල දේශන පැවැත්වීම සඳහා ඉඩ නොදීමට භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධයන් වග බලා ගත යුතුය.

ධර්මය විකෘර්ති කරන චිවරධාරින්ට වැඩ වරදි… මල්වතු -අස්ගිරි ඒකාබද්ධ ලිපියක් ජනාධිපට

ධර්මය විකෘර්ති කරන චිවරධාරින්ට වැඩ වරදි…මල්වතු -අස්ගිරි ඒකාබද්ධ ලිපියක් ජනාධිපටජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලිපියක් ලියමින් උන්වහන්සේලා වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට එල්ලවී තිබෙන තර්ජනය වළක්වා ගැනීමට අපේ ධර්ම විනයධර ශාසන මාමක භික්ෂූන් වහන්සේලා බෞද්ධ ජනතාව දැනුවත් කරමින්ද ත්‍රෛනිකායික වශයෙන්ද විවිධ අවස්ථාවල කටයුතු කරති.නමුත් විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය තිබුණත් ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති බෞද්ධයෝ මිත්‍යා මතවාද පිළිගෙන මුලාවට පත්වෙති. මෙම තත්ත්වය නිසා මල්වතු අස්ගිරි උභය මහා විහාර කාරක සංඝ සභික නායක ස්ථවිරපාදයන් වහන්සේලා විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් පිරිවෙන්පති නායක ස්ථවිරපාදයන් වහන්සේලා සහ ධර්මධර භික්ෂූන් වහන්සේලා පහත කරුණු කෙරෙහි අපේ මහා සංඝයා වහන්සේලාගේ රජයේ සහ බෞද්ධ ජනතාවගේ අවධානය යොමු කිරීමටද ඒ අනුව කටයුතු කරන ලෙසද ඉල්ලා සිටින ලදී. එම කරැනු පහත පරිධි වේ. 01 ථේරවාදී පාලි ත්‍රිපිටක ග්‍රන්ත්‍ර, අට්ඨකථා ටිකාවන් හි අර්ථ විකෘති වන පරිදි ඒවායෙහි පෙල වෙනස් නොකල යුතුය. දේශනා මගින් හෝ ලිඛිත ධර්ම කරුණුවලට හා වචන වලට අර්ථ හා විවරණ සැපයීමේදී ්ප්‍රදායික හා සම්මත ව්‍යාකරණ නිරුක්ති ක්‍රමය භාවිත කළ යුතුය. ශ්‍රී සද්ධර්මය පිළිබඳව මූලික හා ගැඹුරු සිද්ධාන්ත විග්‍රහ කිරීම්දී ඒවා හෑල්ලුවට ලක් කෙරෙන හාස්‍යෝත්පාදක වූද ග්‍රාම්‍ය වු ද අර්ථශුන්‍ය වුද වචන භාවිතයෙන් වැළකිය යුතුය. 02 ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථය ද සයිමන් හේවාවිතාරණ අරමුදල මගින් ප්‍රකාශිත කතා සහ ටීකා ග්‍රන්ථ බ්‍රිතාන්‍යයේ පාලි ග්‍රන්ථ සමාගම් විසින් මුද්‍රිත ත්‍රිපිටක ග්‍රන්ථ ධර්ම දේශනාවලදී හා ධර්මය හැදෑරීමේදී මූලාශ්‍ර ග්‍රන්ථ වශයෙන් පිළිගෙන භාවිතා කළ යුතුය.03 ධර්ම විරෝධී ක්‍රියාකලාපය නිසා භික්ෂු භාවයෙන් නෙරපු මීවනපලානේ ධම්මාලංකාර හෙවත් පන්සල්හේනේ ධම්මාලංකාර නැමැති භික්ෂූ වේශධාරී තැනැත්තා විසින් ද වහරක අභයරකනාලංකාර නැමැති භික්ෂුවගේ අනුගාමිකයන් විසින් ද මාධ්‍ය භාවිතා කරමින් පතුරුවනු ලබන මත වාද හා අරුත් විවරණ බුදුදහමට පටහැනි බැවින් ඒවාට මුලා නොවී ගිහි පැවිදි සියලු දෙනාම සත්‍ය ධර්මයෙහි පිහිටා ක්‍රියා කළ යුතුය.04 ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය පවතින කිසිදු රටක උප උපසම්පදා ශීලයෙහි පිහිටි භික්ෂුණීන් හෝ එයට සමාන වෙනත් නාමයකින් හැඳින්වෙන කාන්තා පැවිදි පිරිසක් දැනට දක්නට නො නොමැති නිසාත් ථේරවාදී ධර්ම විනයට අනුව කාන්තාවන් පැවිදි වීමට හැකියාවක් ද නො නොමැති නිසාත් එයට හේතු කාරණා ධර්ම විනයධර භික්ෂූන් වහන්සේලා නිරතුරුව පැහැදිලි කර දී තිබෙන නිසාත් අඞන කාන්තාවන් උදෙසා භික්ෂුණී නාමය නීතියානුකූල ලේඛනයන්හි භාවිතා කිරීම ශ්‍රී ලංකා රජය හා අනුබද්ධ ආයතන විසින් නොකළ යුතුය.05 ශ්‍රී ලංකා රජය අනුග්‍රහයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ රාජ්‍ය වස්තුවක් ලෙස ප්‍රකාශයටයට පත්කොට ඒවා සුරක්ෂිත කිරීමට රජය විසින් වහාම නීතිමය ප්‍රතිපාදන සකස් කළ යුතුය. 06 බෞද්ධ ජනතාව අතර අසමගිය වාද භේද හා ගැටුම්කාරී අහිතකර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට දේශය අස්ථාවර කිරීමේ බලවේගය මේ තුළින් ක්‍රියාත්මක වන බව ද පෙනී යයි. එමනිසා අධර්මවාදී ගිහියන්ට හා සිවුරු පොරවා ගත් පුද්ගලයන්ට විහාරස්ථානවල දේශන පැවැත්වීම සඳහා ඉඩ නොදීමට භික්ෂුනූන් වහන්සේලා සහ බෞද්ධයන් වග බලා ගත යුතුය.

Gepostet von Lanka Lead News am Mittwoch, 19. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More