පොලිසිය තමාට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි හෙයින් තමා පදිංචිය වෙනස් කර සැඟවී සිටීමට තීරණය කළේ යැයි දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසයි.
වරකාපොළ පොලිස් ස්ථානයෙන් තමාට ලබාදී ඇත්තේ ජංගම මුර සංචාරක සේවයක් පමණකැයි කී නාමල් කුමාර මහතා එම ජංගම මුර සංචාරය ද ක්‍රියාත්මක වන්නේ පැය හයකට වරක් පමණක් බව ද කීය.
පොලිස් නිලධාරීන් පැය 6 කට වරක් පැමිණ නිවසේ එල්ලා ඇති පොත් සටහන් යොදා යන බවද ඔහු පැවැසීය.
වරකාපොළ පොලිසිය පිහිටා ඇත්තේ තම නිවෙසේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරකින් බවත් යම් දෙයක් සිදුවුවහොත් පොලිසිය නිවසට පැමිණීමට පැය භාගයක පමණ කාලයක් ගත වන බවත් නාමල් කුමාර මහතා කීය.
රජයෙන් තමාට ලබා දෙන්නේ මෙවැනි ආරක්ෂාවක් නම් තම ජීවිත අනතුරේ ඇති හෙයින් තමාගේ පදිංචිය වෙනස් කර සැඟවී සිටීමට තීරණය කළ බවද කීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සඳහා ඉදිරි කාලයේදී තමා කැඳවන්නේ නම් බිරිඳ හරහා එම සම්බන්ධීකරණ කටයුතු සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...