යුද අපරාධකරුවන්ට ‘පොදු සමාව’ ලබාදීම කිසිසේත් අනුමත නොකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ යුද කාලයේ සිදු වූ බව කියන යුද අපරාධ, මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් නිශ්චිත විමර්ශනයක් පැවැත්වීමට පෙර එවැනි තීරණයක් ගත නොහැකි බවයි.
පෞද්ගලික අභිමතාර්ථ හැර යුද්ධය හේතුවෙන් බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නේ නම් යුද්ධය හේතුවෙන් විවිධ චෝදනාවන්ට ලක්ව සිටින ආරක්ෂක අංශ සියලු නිලධාරීන්ට පොදු සමාවක් ලබාදිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කර ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන සුමන්තිරන් මහතා මෙසේද කියයි.
යුද අපරාධ පිළිබඳව යම් තීරණයක් ගැනීමට පෙර ඒ පිළිබඳ විමර්ශනයක් පැවැත්විය යුතුයි. හමුදාව විසින් කවර වැරැදි කර තිබේදැයි හෙළිදරව් කළ යුතුයි. ඉන්පසුව ඒ පිළිබඳව සමාලෝචනය කිරීම හෝ සලකා බැලීම කළ හැකිය. එසේ නොමැතිව එල්ටීටීඊ සැකකරුවන් සමඟ යුද අපරාධකරුවන් සමසේ සලකන්න බෑ.
හඳුනා නොගත් වැරැදිකරුවන්ට සමාවක් ලබාදී යුද අපරාධ වසන් කිරීමට අප කිසිසේත් අවස්ථාව දෙන්නේ නැත. එම උත්සාහය අපි දැඩි ලෙස හෙළා දකිමු.
දකුණු අප්‍රිකාව වැනි රටවල් සංහිඳියාව වෙනුවෙන් පොදු සමාව ලබාදීම සත්‍යයකි. එහෙත් එහි පළමුව සත්‍ය සම්පූර්ණයෙන්ම සොයා ගනු ලැබිණි. නීතිය ස්ථාපිත කෙරිණි. ඔවුන්ට පොදු සමාව හිමිවූයේ වැරැදිකරුවන් හඳුනාගත් පසුවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...