දේශීය පුවත්

තජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් කිරීමේ අවසන් මෙහෙයුම තමා කඩිනමින්ම ආරම්භ කරන බව හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති දි.මු. ජයරත්න මහතා පවසයි.

ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා තමා වෙන වෙනම හමු වී සාකච්ඡා කර පසුව මෙම නායකයන් දෙදෙනාම එකට මුණගස්වා තීරණාත්මකව මෙම සාකච්ඡාව කිරීමට අපේක්ෂා කරන බවද ජයරත්න මහතා ප්‍රකාශ කෙළේය.

මෙම නායකයන් දෙදෙනා සමඟ මීට පෙර මේ සම්බන්ධයෙන් තමා සාකච්ඡා කළ බවත් එය අසාර්ථක වූ අතර එහි අඩුපාඩු ගැන අවධානය යොමු කොට යළි මෙම සාකච්ඡා තමා ආරම්භ කරන බවද දි.මු. ජයරත්න මහතා පෙන්වා දෙයි.

ඊට අදාළව නව න්‍යාය පත්‍රයක් අලුතෙන් සකස් කරන බවද ඔහු ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පක්ෂය යටතේ රට විනාශ වෙමින් පවතින නිසා එය වැළැක්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බවත් ඒ සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීන්දුව ගතයුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පෙන්වා දෙයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට ගැන සිතා අනිවාර්යයෙන්ම එක්විය යුතු බවත් එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය පහසුවෙන් පරාජය කළ හැකි බවත් දි.මු. ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More