දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසිය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන්නේ එල්.ටී.ටී.ඊී ත්‍රස්තවාදීන්ගෙන් සමාව ලබා ගැනීමට දැයි ජාතික සංවිධාන ප්‍රශ්න කරයි. අප වෙත යොමුකරන ලද ලිපියක් මගින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙවර සමුළුව හේතු කිහිපයක් නිසා සුවිශේෂී අවධානයට ලක් වන බවය.

ජිනීවා අභියෝගයට මුහුණදීම සඳහා ජනාධිපතිතුමා නිව්යෝක් වලට ගොස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරි ඉදිරිපත් කිරීමට තීරණය කිරීමත්, එතුමා විසින්ම මාධ්‍යවේදීන් අමතා සිදුකළ ප්‍රකාශ සහ ඊට පසුව චම්පික රණවක අමාත්‍යවරයා විසින් බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට සමාව දීමට අදාළව සිදුකළ ප්‍රකාශ එකට ගත් විට ජනාධිපතිතුමා සූදානම් වන්නේ කුමකටදැයි ඉගියක් ලැබෙන බවද ඔවුන් අවධාරණය කර සිටී.

ජනාධිපති තුමාගේ හා චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රකාශ එක්ව ගෙන බලන විට එතුමා සූදානම් වන්නේ ද්විපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික එකඟතාවයකට බවත් එහිදී පිළිතුරු සපයාගත යුතු ප්‍රශ්න දෙකක් තිබෙන බවත් ඔවුන් පෙන්වි දෙයි.

පළමුවැන්න එකගතාව ඇතිකර ගන්නේ කුමන පාර්ශව අතර ද යන්න වන අතර දෙවැන්න ‘ගනුදෙනුව’ හෙවත් ගන්නේ කුමක්ද? සහ දෙන්නේ කුමක් ද? යන්නය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කර තිබුණි.

සම්පූර්ණ ලිපිය කියවීමට මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More